Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 34:2 - Sinhala Revised Old Version

2 අලුයම් වේලෙහි සෑදී සිට උදයම සීනයි කන්දට නැගී ඇවිත් එහි කන්ද මුදුනේ මා ඉදිරියෙහි පෙනීසිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 හෙට අලුයම් වේලෙහි සූදානම් ව, සීනයි කන්දට නැඟ, කන්ද මුදුනෙහි මා ඉදිරියෙහි පෙනී සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 හෙට අලුයම් වේලෙහි සූදානම් ව, සීනයි කන්දට නැඟ, කන්ද මුදුනෙහි මා ඉදිරියෙහි පෙනී සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 34:2
6 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ සීනයි කඳු මුදුනට බැස අවුත් කඳු මුදුනට මෝසෙස් කැඳවූසේක; මෝසෙස්ද නැගී ගියේය.


ස්වාමීන්වහන්සේ නුඹලා විනාශකරනසේකැයි කී බැවින් මා වැටී සිටිය දවස් ලෙස දවල් සතළිසකුත් රෑ සතළිසකුත් ස්වාමීන්වහන්සේ ඉදිරියේ වැටී,


මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේ මුළු සෙනඟගේ ඇස් හමුවෙහි සීනයි කන්ද පිටට බසිනසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මා ළඟට කන්දට නැගී ඇවිත් මෙහි සිටින්න. නුඹ ඔවුන්ට උගන්වන පිණිස මා ලියූ ගල්ලෑලිද ව්‍යවස්ථාවද ආඥාවද නුඹට දෙන්නෙමියි කීසේක.


ස්වාමීන්වහන්සේද: යන්න, පහළ බසින්න; නුඹද නුඹ සමඟ ආරොන්ද නැගී එන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඇවිත් පහරනොදෙන පිණිස පූජකයෝද සෙනඟද උන්වහන්සේ වෙතට නැග එන්ට සීමාව බිඳගන නොයෙත්වයි ඔහුට කීසේක.


ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්