Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 32:20 - Sinhala Revised Old Version

20 ඔහු ඔවුන් විසින් සෑදූ වස්සා ගෙන ගින්නෙන් දවා දූවිලි වෙන තුරු කුඩුකර ඒවා වතුර පිට ඉස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බොන්ට සැලැස්සුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 පසුව ඔහු ඔවුන් සෑදු වස්සා ගෙන, ගින්නෙන් පුළුස්සා, කුඩු කුඩු කොට, එය ජලය මත ඉස, ඒ ජලය ඉශ්රායෙල් ජනයාට බොන්නට සැලැස්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 පසුව ඔහු ඔවුන් සෑදු වස්සා ගෙන, ගින්නෙන් පුළුස්සා, කුඩු කුඩු කොට, එය ජලය මත ඉස, ඒ ජලය ඉශ්රායෙල් ජනයාට බොන්නට සැලැස්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 32:20
10 හුවමාරු යොමු  

නුඹලාගේ පාපය වන නුඹලා සෑදු වස්සා මම අරගන ගින්නෙන් පුලුස්සා දමා, කොටා, ධූලි මෙන් පොඩිවෙන තුරු අඹරා, ඒකේ කුඩු කන්දෙන් ගලාගන ආ ඔයේ හෙළිමි.


සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.


එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.


තවද බෙතෙල්හි තිබුණ පූජාසනයද ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් සෑදූ උස්තැනද වන පූජාසනයත් උස්තැනත් ඔහු කඩා දමා, උස්තැන පුලුස්සා දමා කුඩුකර, අෂේරා පිළිමයද පුලුස්සාදැමුවේය.


ඔහු අෂේරා පිළිමය ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් අහක්කොට යෙරුසලමෙන් පිටත කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුලුස්සාදමා කුඩුකර, ඒ කූඩු පොදු සෙනඟගේ මිනීවළවල් උඩ විසුරුවා දැමුවේය.


ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් නුඹ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


එහෙත් ඔවුන්ට මෙසේ කරන්න: ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමා, ඔවුන්ගේ රූප ගින්නෙන් දවන්න.


මෝසෙස්ද ආරොන්ට කථාකොට: මේ සෙනඟ කෙරෙහි මහත්වූ පාපයක් පමුණුවන්ට ඔවුන් නුඹට කළේ කුමක්දැයි ඇසුවේය.


තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.


ඔහු ඉදිරිපිටදී බාල්ගේ පූජාසන කඩා දමනලද්දේය; ඒවාට උඩින් තිබුණු සූර්ය–රූප ඔහු කපාදමා, අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද බිඳ කුඩුකොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඉස්සේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්