Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:35 - Sinhala Revised Old Version

35 තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ලුණු දමා පවිත්‍රවූ ශුද්ධවූ සුගන්ධයක් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවා ලුණෙන් පදම් කොට ශුද්ධ සුගන්ධයක් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවා ලුණෙන් පදම් කොට ශුද්ධ සුගන්ධයක් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:35
13 හුවමාරු යොමු  

නුඹේ සියලු ආහාර පූජා ලුණෙන් රසකරන්න; නුඹේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු නුඹේ ආහාර පූජාවට නොදමා නොහැරිය යුතුය. නුඹේ සියලු පූජාවල් සමඟ ලුණු ඔප්පුකළ යුතුය.


එයින් ශුද්ධවූ ආලේපය පිණිස තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ශුද්ධ තෛලයක් සාදන්න. ඒ ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.


එවිට මරියා ඉතා අනර්ඝ ජටාමාංස තෙල් රාත්තලක් රැගෙන යේසුස්වහන්සේගේ පාද ආලේපකොට, ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැම්මාය. තෙලේ සුවඳින් ගේ පිරුණේය.


ගන්ධරස හා තුවරලාවලත් වෙළෙන්දාගේ සියලු කුඩුවලත් සුවඳින් යුක්තව, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැගීඑන මේ තැනැත්තිය කවුද?


නුඹේ විලවුන් මිහිරි සුවඳින් යුක්තය; නුඹේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය; එබැවින් කන්‍යාවෝ නුඹට ප්‍රේමකෙරෙති.


විලවුන් හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීතිකරන්නේය; එසේම යමෙකුගේ මිත්‍රයාගේ හිතේසි මන්ත්‍රණයෙන් ලැබෙන මිහිරිකමද සිත ප්‍රීතිකරයි.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: සුගන්ධ ද්‍රව්‍ය එනම් නාතාප් සහ ෂෙධෙලෙත්ද ඛෙල්බෙනාද යන සුගන්ධ ද්‍රව්‍ය සහ පවිත්‍ර තුවරලාද එකිනෙක සමබරට ගෙන,


ඉන් කොටසක් සුණුකොට එයින් මා නුඹට සම්මුඛවෙන තැනවූ සම්මුඛවීමේ කූඩාරමෙහි සාක්ෂිය ඉදිරියෙහි තබන්න. එය නුඹලාට ඉතා ශුද්ධ වන්නේය.


ඒවා නුඹේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.


එවිට ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනයේ ගිනි අඟුරුවලින් ධූප භාජනයක් පුරවා, කුඩුකළාවූ සුගන්ධ ද්‍රව්‍යයෙන් තමාගේ අත් පුරවාගෙන, තිරයෙන් ඇතුළට ඇවිත්,


ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය.


පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍යවලින් තෛලය සෑදුවෝය.


එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්