Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:16 - Sinhala Revised Old Version

16 නුඹද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සමඟිකරන මුදල ගෙන නුඹලාගේ ප්‍රාණ ගැන සමඟිකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙයට නිමකරන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නුඹ ද ඉශ්රායෙල් ජනයා උදෙසා මිදීම ලබාගැනීමේ මුදල් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා එය වැය කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි ඉශ්රායෙල් ජනයා සිහිවීමක් ද නුඹලා වෙනුවට පව් කමාවේ මුදලක් ද වනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 නුඹ ද ඉශ්රායෙල් ජනයා උදෙසා මිදීම ලබාගැනීමේ මුදල් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා එය වැය කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි ඉශ්රායෙල් ජනයා සිහිවීමක් ද නුඹලා වෙනුවට පව් කමාවේ මුදලක් ද වනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:16
9 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.


මේ දවස නුඹලාට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, නුඹලා එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වන්න.


උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.


නුඹලාගේ ප්‍රාණය ගැන සමඟිකමක් කරන පිණිස ස්වාමීන්වහන්සේගේ පූජාව දෙන කල ධනවන්තයා ෂෙකෙල් බාගයට වැඩියෙන්වත් දිලිඳා ඊට අඩුවෙන්වත් නොදේවා.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් සහස්‍රාධිපතීන්ගේද ශතාධිපතීන්ගේද රන් පිළිගෙන ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස සම්මුඛවීමේ කූඩාරමට ගෙනාවෝය.


එවිට රජ තෙමේ ප්‍රධානියාවූ යෙහෝයාදා කැඳවා: ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්‍රායෙල් සභාවද විසින් සාක්ෂි-කූඩාරම උදෙසා නියමකළ සුංගම් මිල ලෙවීවරුන් විසින් යූදා සහ යෙරුසලමෙන් එකතුකර ගෙනෙන හැටියට නුඹ බලානොගත්තේ මක්නිසාදැයි ඇසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්