Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:13 - Sinhala Revised Old Version

13 ඔවුන් විසින් දිය යුතු මෙසේය, ගණන්ගනු ලබන එක් එක්කෙනා ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ස්වාමීන්වහන්සේට පඬුරක් පිණිස ෂෙකෙල් බාගයක් දිය යුතුය. (ෂෙකෙලයක් නම් ගේරා විස්සක්ය.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:13
17 හුවමාරු යොමු  

නුඹේ සියලු නියමකිරීම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් විය යුතුය.


එක් එක්කෙනා වෙනුවට ෂෙකෙල් පහක් බැගින් ගනින්න; ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් ගනින්න.


නුඹලාගේ මානෙය ෂෙකෙල් විස්සක්ව, ෂෙකෙල් විසිපහක්ව, ෂෙකෙල් පහළොහක්ව, තිබෙන්නේය.


ඔවුන් කපර්ණවුමට ආ කල ෂෙකෙල් භාගය අයකරන්නෝ පේතෘස් ළඟට ඇවිත්: නුඹලාගේ ආචාරීන්වහන්සේ ෂෙකෙල් භාගය නොගෙවනසේක්දැයි කීවෝය.


ගණන්කරනු ලැබූවන්ට ඇතුළත් විසි අවුරුදු හා ඉන් ඉහළ වයස්වූ සලක්ෂ තුන්දහස් පන්සිය පනස් දෙනෙක් වූ සියලු පුරුෂයන්ගෙන් එකිනෙකාට බෙකක් එනම් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් බාගයක් බැගින් ලැබීමෙන් මෙසේ විය.


මෙසේ කෝලාහලයක් හටගන්නවා මිස තමාගේ උත්සාහයෙන් කිසි පලක් නැති බව පිලාත් දැක, වතුර ගෙන සමූහයා ඉදිරියේ අත් සෝදමින්: මේ ධර්මිෂ්ඨයාගේ ලේ ගැන මම නිදොස්වෙමි. නුඹලාම බලාගන්නැයි කීවේය.


යේසුස්වහන්සේ දේව මාළිගාවට ඇතුල්ව, මාළිගාවෙහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි සියලු දෙන පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළාදමා:


මාගේ ස්වාමීනි, මාගේ බස් ඇසුව මැනවි. රිදී ෂෙකෙල් හාරසියයක් වටින බිම් කැබෙල්ලක් මා සහ ඔබ අතරෙහි මොකක්ද? එබැවින් ඔබගේ මළ අය තැන්පත් කළ මැනවියි ඔහුට කීවේය.


විසි අවුරුදුවූද ඉන් වැඩිවූද වයස් ඇති ගණන්ගනු ලබන එක් එක්කෙනා ස්වාමීන්වහන්සේගේ පඬුර දේවා.


ඔප්පුකළ රන් වන ශුද්ධස්ථානයේ සියලු කර්මාන්තයෙහි වැඩට වියදම්වූ රන් සියල්ල තලෙන්ත එකුන් තිසක් හා ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් හත්සිය තිහක්ද විය.


යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,


විසි අවුරුද්ද පටන් සැට අවුරුද්ද දක්වා වයස් ඇති පුරුෂයෙක් ගැන නුඹේ නියමකිරීම ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට රිදී ෂෙකෙල් පනහක් වන්නේය.


ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;


සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ රන් පාත්‍රා දොළොසක්ය; ශුද්ධස්ථානයේ ෂෙකෙල් හැටියට එක එක පාත්‍රය ෂෙකෙල් දසයක්ය. පාත්‍රාවල මුළු රන් බර ෂෙකෙල් එකසිය විස්සක්ය.


යෙහෝවාෂ් වනාහි පූජකයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ කැපකළ දේවල මිල සියල්ලද එනම් එක් එක්කෙනා විසින් ගෙවන්ට නියමවෙන මුදල්ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන සියලු මුදල්ද,


මසක දරුවා පටන් ඔවුන්ගෙන් මුදනු ලබන්ට සිටින්නන්, නුඹේ නියමයේ හැටියට, ගේරා විස්සක්වූ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ ප්‍රකාරයට, ෂෙකෙල් පහකට මුදන්න.


පූජකයෝ තම තමුන් අඳුනන්නවුන්ගෙන් ව්‍යවහාර මුදලින් ගනිත්වා, ඔව්හුද ගෘහයේ කොයියම් තැනක නුමුත් දකින කැඩුම් හරිගස්සත්වයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්