නික්මයාම 29:38 - Sinhala Revised Old Version38 නුඹ පූජාසනය පිට ඔප්පුකළ යුතුදේ නම් මේය; නොකඩව දවස්පතා එක් අවුරුදු බැටළු වස්සෝ දෙදෙනෙක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version38 “පූජාසනය මත නුඹ දිනපතා ම, නොකඩවා පූජා කළ යුතු පඬුරු නම්, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201838 “පූජාසනය මත නුඹ දිනපතා ම, නොකඩවා පූජා කළ යුතු පඬුරු නම්, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකි. පරිච්ඡේදය බලන්න |
මම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගා උන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවසද සබත් දවස්වලද අමාවක්වලද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යවලදීද දවන පූජා ඔප්පුකරන පිණිසත්, ඒක උන්වහන්සේට කැපකරන්ට යමි. මේක සදාකල්ම ඉශ්‍රායෙල්ට නියෝගයක්ය.