Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 29:25 - Sinhala Revised Old Version

25 නුඹ ඒවා ඔවුන් අතින් ගෙන පූජාසනය පිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මිහිරි සුවඳක් පිණිස දවන පූජාව පිට දවන්න. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඉන්පසු නුඹ ඔවුන්ගේ අත්වලින් ඒවා ගෙන පූජාසනයේ දවන යාග පූජාවක් මත සමිඳාණන් වහන්සේ වන මට සුවඳැති පූජාවක් මෙන් එය පිළිස්සිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින ගින්නෙන් දැවූ පූජාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඉන්පසු නුඹ ඔවුන්ගේ අත්වලින් ඒවා ගෙන පූජාසනයේ දවන යාග පූජාවක් මත සමිඳාණන් වහන්සේ වන මට සුවඳැති පූජාවක් මෙන් එය පිළිස්සිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින ගින්නෙන් දැවූ පූජාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:25
25 හුවමාරු යොමු  

මෝසෙස් ඒවා ඔවුන්ගේ අත්වලින් ගෙන පූජාසනයෙහි දවන පූජාව පිට දැවුවේය. ඒවා මිහිරි සුවඳක් වන පිණිස කැපකිරීමක් විය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය.


අනික් බැටළු පැටවා සවස ඔප්පුකර ඒ සමඟ උදය ආහාර පූජාවේ හැටියටත් ඒකේ පාන පූජාවේ හැටියටත් මිහිරි සුවඳක් පිණිස එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරනලද පූජාවක් කොට ඔප්පුකරන්න.


උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක.


ඔහු මාගේ පූජාසනය පිට පූජා ඔප්පුකරන පිණිසද සුවඳ දුම් ඔප්පු කරන පිණිසද මා ඉදිරියෙහි ඒඵොද් සැට්ටය අඳින පිණිසද මාගේ පූජකයා කොට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මම ඔහු තෝරා නොගතිම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔප්පුකරන සියලු ගිනි පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම්ද?


ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් එය නුඹේද නුඹේ පුත්‍රයන්ගේද නියම කොටස වන නිසා එය ශුද්ධවූ තැනකදී කන්න. මක්නිසාද එසේ මට අණකරනලද්දේය.


කුමක්හෙයින්ද මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේට ගින්නෙන් පූජා කිරීමට ඔප්පුකරන්නාවූ මෘගයෙකුගේ තෙල කන කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය.


පූජකයා ඒවා ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් පිණිස පූජාසනය පිට දැවිය යුතුය. එය අපරාධ පූජාවක්ය.


පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා මිහිරි සුවඳක් පිණිස ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ. තෙල සියල්ලම ස්වාමීන්වහන්සේට අයිතිය.


ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද,


පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ.


ඔහු උගේ තෙල සහ පිටිකොන්ද ළඟින් කපාගන්න මුළු තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල සියල්ලද,


ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනයෙහි ගින්නේ දර පිට තිබෙන දවන පූජාව මත්තෙහි එය දවත්වා. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳ පූජාවක්ය.


ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද,


එවිට පූජකයා මඩිනලද එහි ධාන්‍ය කොටසකින්ද එහි තෙල් කොටසකින්ද යුත් ඒ සිහිවීමේ කොටස එහි තුවරලා සියල්ල සමඟ දවන්ට ඕනෑය. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය.


තවද පූජකයා ආහාර පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට දැවිය යුතුය. එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ පූජාවක්ය.


ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් වෙතට එය ගෙනවුත්; එහි සිහින් පිටියෙන් සහ තෙලින් අතළොස්සක් එහි සියලු තුවරලා සමඟ ගත යුතුය. පූජකයා ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් වූ ගින්නෙන් කළ පූජාවක් මෙන් ඒ සිහිවීමේ කොටස පූජාසනය පිට දැවිය යුතුය.


එහෙත් ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදිය යුතුය. පූජකයා ඒ සියල්ල ඔප්පුකොට පූජාසනය පිට දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ දවන පූජාවක්ය.


එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.


ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.


ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.


තවද මුළු බැටළුවා පූජාසනය පිට දවන්න. ඒක ස්වාමීන්වහන්සේට දවන පූජාවක්ය, මිහිරි සුවඳක්ය, ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය. අනික් බැටළුවාද හැරගන්න;


ඒ සියල්ල ආරොන්ගේ අත්වලද ඔහුගේ පුත්‍රයන්ගේ අත්වලද තබා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් වශයෙන් වනා තේවකරන්න.


නුඹලා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන කිසි ආහාර පූජාවක් මුහුන් මිශ්‍රකොට නොසෑදිය යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් වශයෙන් මුහුන්වත් මීපැණිවත් නොදැවිය යුතුය.


නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්