Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 29:17 - Sinhala Revised Old Version

17 බැටළුවා උගේ කොටස්වලට කපා උගේ අතුණුද කකුල්ද සෝදා ඒවා උගේ කොටස්ද උගේ ඉසද සමඟ තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඉන්පසු ඌ කැබලි කොට, උගේ අතුණු සහ කකුල් සෝදා, ඒවා උගේ මස් කැබලි ද හිස ද සමඟ තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඉන්පසු ඌ කැබලි කොට, උගේ අතුණු සහ කකුල් සෝදා, ඒවා උගේ මස් කැබලි ද හිස ද සමඟ තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:17
9 හුවමාරු යොමු  

අන්ධවූ එරිසිය, කුසලානත් තැටියත් පිටින් පවිත්‍රවන පිණිස පළමුකොට ඒවායේ ඇතුළ පවිත්‍රකරන්න.


එම්බා යෙරුසලම, නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදා එහි නපුරුකම පහකරන්න. නුඹේ නිෂ්ඵල යෝජනා කොපමණ කල් නුඹ තුළ පවතිනවා ඇද්ද?


ඔහු අතුණුද කකුල්ද සෝදා පූජාසන මතුයෙහි දවන පූජාව පිට දැවුවේය.


ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදුවේය; මෝසෙස් මුළු බැටළුවා පූජාසනය පිට දැවීය. ඒක ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මිහිරි සුවඳක් පිණිස දවන පූජාවක්ද ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ද වූයේය.


එහෙත් ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදිය යුතුය. පූජකයා ඒ සියල්ල ඔප්පුකොට පූජාසනය පිට දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ දවන පූජාවක්ය.


එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.


එයින් අමුවෙන්වත් කිසිසේත් වතුරෙන් තම්බාවත් නොකා උගේ හිසද කකුල්ද අභ්‍යන්තර කොට්ඨාස සමඟ ගින්නෙන් පුළුස්සා කන්න.


එවිට නුඹ බැටළුවා මරා උගේ ලේ රැගෙන පූජාසනය පිට වටකරින් ඉසින්න.


තවද මුළු බැටළුවා පූජාසනය පිට දවන්න. ඒක ස්වාමීන්වහන්සේට දවන පූජාවක්ය, මිහිරි සුවඳක්ය, ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය. අනික් බැටළුවාද හැරගන්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්