Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:6 - Sinhala Revised Old Version

6 ඒඵොද් සැට්ටය රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද දක්ෂ කම්කරුවාගේ කර්මාන්තය ලෙස සාදත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “ඒපොද් නම් සැට්ටය, රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් ද වැඩ දමා විසිතුරු කර සිහින් ව කටින ලද හණවලින් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 “ඒපොද් නම් සැට්ටය, රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් ද වැඩ දමා විසිතුරු කර සිහින් ව කටින ලද හණවලින් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:6
11 හුවමාරු යොමු  

තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න.


නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;


ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.


එය එකට සම්බන්ධකරන පිණිස උරපටි දෙක ඒකේ දෙකෙළවරේ බඳිනු ලැබිය යුතුය.


ඒ වස්ත්‍ර ගෙන යට ඇඳුමද ඒඵොද් සැට්ටයේ සළුවද ඒඵොද් සැට්ටයද ළය වැස්මද ආරොන්ට අඳවා ඒඵොද් සැට්ටයේ විසිතුරු පටියෙන් ඔහුගේ ඉඟ බඳින්න.


ඔහු දික් යට ඇඳුම ඔහුට හඳවා, ඉණපිටිය ඔහුගේ ඉඟටියේ බැඳ, සළුව ඔහුට පළඳවා, ඒඵොද් සැට්ටයද ඔහුට හඳවා, ඒඵොද්හි විසිතුරු ලෙස වියනලද පටිය දමා, එය ඔහුගේ ඉඟටියේ බැන්දේය.


ගිඩියොන් එයින් ඒඵොද් සැට්ටයක් සාදා ඒක තමාගේ නුවරවූ ඔප්‍රාහි පිහිටෙවුවේය. සියලු ඉශ්‍රායෙල්වරු ඒක අනුව අනාචාරකමින් ගියෝය. ඒක ගිඩියොන්ටත් ඔහුගේ පවුලටත් මලපතක් විය.


අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒඵොද් සැට්ටයක් ඇතුව ආයේය.


ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්