Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:4 - Sinhala Revised Old Version

4 ඔවුන් විසින් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්මක්ද ඒඵොද් සැට්ටයක්ද සළුවක්ද විසිතුරු උතුරු සළුවක්ද මකුටයක්ද ඉඟ පටියක්ද යන මේවාය. නුඹේ සහෝදරවූ ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ශුද්ධ වස්ත්‍ර සාදත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔවුන් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්ම, ඒපොද් නම් සැට්ටය, ලෝගුව, මල් වැඩ දැමූ කබාය, මකුටය සහ බඳපටිය වේ. නුඹේ සහෝදර ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මට පූජක සේවය කරන පිණිස ඔවුන්ට ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔවුන් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්ම, ඒපොද් නම් සැට්ටය, ලෝගුව, මල් වැඩ දැමූ කබාය, මකුටය සහ බඳපටිය වේ. නුඹේ සහෝදර ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මට පූජක සේවය කරන පිණිස ඔවුන්ට ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:4
20 හුවමාරු යොමු  

මෙසේ අශ්වයන්ද උන් පිට හුන් අයද දර්ශනයෙන් දුටිමි, ගිනිද ගිනිගල්ද ගෙන්දගම්ද ආකාරවූ ළයවැසුම් ඔවුන්ට තිබුණේය. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වාගේය; උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්දගම්ද නික්මුණේය.


එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන,


නුමුත් දවාලට අයිතිවූ අපි ඇදහිල්ල සහ ප්‍රේමය නමැති ළයවැස්මත් ගැළවීමේ බලාපොරොත්තුව නමැති ආරක්ෂා තොප්පියත් පැළඳගෙන මත් නොවී සිටිමු.


උන්වහන්සේ යුද්ධ සැට්ටයක් කොට ධර්මිෂ්ඨකමද තමන් හිසේ ගැළවීම නැමති තොප්පියද පැළඳගත්සේක; තවද ඇඳුම පිණිස පළිගැනීම නැමති වස්ත්‍ර පැළඳගෙන, ජ්වලිතකම සළුවක්කොට පෙරවාගන සිටිසේක.


ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ ඉඟපටියද විශ්වාසකම උන්වහන්සේගේ බඳපටියද වන්නේය.


දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය.


ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය.


අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒඵොද් සැට්ටයක් ඇතුව ආයේය.


එවිට රජ: නුඹ ළංවී පූජකයන්ට පහරදෙන්නැයි දොවෙග්ට කීවේය. ඒදොමිය දොවෙග් ළංවී පූජකයන්ට පහරදී, සිහින් හණරෙදි ඒඵොද් සැට්ටයක් ඇඳ සිටියාවූ අසූපස් දෙනෙකු ඒ දවසේදී මැරුවේය.


එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හණ ඒඵොද් සැට්ටයක් ඇඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකෙළේය.


සිහින් හණ නූලින් මකුටයද සිහින් හණ නූලින් අලංකාර හිස්වැසුම්ද කටිනලද සිහින් හණ නූලින් හණ කලිසම්ද,


ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.


ඔහුගේ හිසේ මකුටයද මකුටය පිට ශුද්ධ ඔටුන්නද තබන්න.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්