Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:39 - Sinhala Revised Old Version

39 සිහින් හණ නූලින් උතුරු සළුව විසිතුරු කොට වියා සිහින් හණ නූලින් මකුටයක්ද සාදන්න, විසිතුරුකර වියා ඉඟ පටියකුත් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 “සිහින් හණ නූලින් සැදි කබාය ගෙත්තම් කොට, මකුටය ද සිහින් හණ නූලින් සාදා, බඳපටිය ද ගෙත්තම් කොට සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 “සිහින් හණ නූලින් සැදි කබාය ගෙත්තම් කොට, මකුටය ද සිහින් හණ නූලින් සාදා, බඳපටිය ද ගෙත්තම් කොට සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:39
10 හුවමාරු යොමු  

මල්කම්කළ සළුවෙන් සරසනලද ඈ රජු වෙත පමුණුවනු ලබන්නීය. ඈ අනුව යන්නාවූ ඇගේ යහළු කන්‍යාවෝ ඔබ වෙත පමුණුවනු ලබන්නෝය.


කූඩාරමේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ කඩතුරාවක් සාදන්න.


ඔවුන් විසින් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්මක්ද ඒඵොද් සැට්ටයක්ද සළුවක්ද විසිතුරු උතුරු සළුවක්ද මකුටයක්ද ඉඟ පටියක්ද යන මේවාය. නුඹේ සහෝදරවූ ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ශුද්ධ වස්ත්‍ර සාදත්වා.


ඒ වස්ත්‍ර ගෙන යට ඇඳුමද ඒඵොද් සැට්ටයේ සළුවද ඒඵොද් සැට්ටයද ළය වැස්මද ආරොන්ට අඳවා ඒඵොද් සැට්ටයේ විසිතුරු පටියෙන් ඔහුගේ ඉඟ බඳින්න.


ඔහුගේ හිසේ මකුටයද මකුටය පිට ශුද්ධ ඔටුන්නද තබන්න.


ඔහුගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ට යට ඇඳුම් අඳවන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ආරොන් හා ඔහුගේ පුත්‍රයන්ට කටිනලද සිහින් හණ නූලින් උතුරු සළුද,


එවිට පූජකයා තමාගේ හණ වස්ත්‍රය හැඳ තමාගේ මාංසය පිට හණ කලිසම ලාගෙන පූජාසනය පිට දවන පූජාව දැවූ ගින්නේ අළු රැගෙන පූජාසනය ළඟ දමන්නේය.


ඔහු ශුද්ධ හණ යට ඇඳුම ඇඳ, තමාගේ ඇඟේ හණ කලිසම දමාගෙන, හණ පටිය ඉඟටියේ බැඳගන, මකුටය පැලඳ ගන්නේය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඔහු තමාගේ ශරීරය වතුරෙන් සෝදාගෙන ඒවා පැලඳගත යුතුය.


මළුවේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ විසි රියන් කඩතුරාවක් විය යුතුය. ඒකේ කුළුනු සතරක්ද කුළුනුවල අඩි සතරක්ද විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්