Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:36 - Sinhala Revised Old Version

36 පිරිසිදු රන් තහඩුවක් සාදා: ස්වාමීන්වහන්සේට ශුද්ධය කියා මුද්‍රයක කැටයම් මෙන් එහි කැටයම් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 “නුඹ තනි රනින් තහඩුවක් සාදා, එය මත මුද්‍රා කැටයමක් මෙන් ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන කැටයම් කළ යුතු අතර

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 “නුඹ තනි රනින් තහඩුවක් සාදා, එය මත මුද්‍රා කැටයමක් මෙන් ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන කැටයම් කළ යුතු අතර

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:36
22 හුවමාරු යොමු  

ඒ කාලයෙහි අශ්වයන්ගේ මිණිගෙඩිවල: ස්වාමීන්වහන්සේට ශුද්ධය කියා ලියා තිබෙනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සැළිද පූජාසනය ඉදිරියෙහි තිබෙන පාත්‍රා මෙන් වන්නේය.


තවද ඔහුගේ හිස පිට මකුටය ලා, මකුටය පිට ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ ඔටුන්න ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස තැබුවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු පවිත්‍ර රනින් ශුද්ධ කිරීටයේ තහඩුව සාදා ඊ පිට ස්වාමීන්වහන්සේට ශුද්ධය යන ලියවිල්ල මුද්‍රාවක කැටයම් මෙන් ලියුවෝය.


බැටළුපැටවාණන්ගේ ජීවන-පොතෙහි ලියනලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දයෙක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය.


නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.


එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.


ගෘහයේ නියමය මෙසේය: කන්ද මුදුනෙහි වටකරම එහි මුළු සීමාව ඉතා ශුද්ධය. ගෘහයේ ව්‍යවස්ථාව ඒකය.


ඔබගේ ශික්ෂා ඉතා ස්ථිරය. ස්වාමිනි, සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියන්න–නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.


එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.


ගල්වල කැටයම් කරන විධියට මුද්‍රාකෙටීම මෙන් ඒ මැණික් දෙකෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් කොටා, ඒවා රන් කෙවෙනිවල බඳින්න.


නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් ඒවායේ කැටයම්කරන්න.


සේවයකිරීමට ආරොන් එය පළඳින්නේය. ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ස්ථානයට ඇතුල් වන විටද පිටතට එන විටද නොනසින ලෙස එහි ශබ්දය ඇසෙන්නේය.


තවද ඒක නිල් පටියකට අල්ලා මකුටය පිට බඳින්න; ඒක මකුටයේ ඉස්සරහ පැත්තෙහි විය යුතුය.


ඔහුගේ හිසේ මකුටයද මකුටය පිට ශුද්ධ ඔටුන්නද තබන්න.


ඒක මකුටය මුදුනෙහි සවිකිරීමට ඊට නිල් පටියකුත් බැන්දෝය.


ඇගේ වෙළඳාමද කුලියද ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබේ. ඒවා නිධාන කරනු ලබන්නේවත් රැස්කරනු ලබන්නේවත් නැත; මක්නිසාද ඇගේ වෙළඳාම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වාසයකරන්නන්ට සෑහෙන පමණ කන පිණිසත් අලංකාර වස්ත්‍ර පිණිසත් වන්නේය.


නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. නුඹ විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ආරොන් හා ඔහුගේ පුත්‍රයන්ට කටිනලද සිහින් හණ නූලින් උතුරු සළුද,


අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස්ය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද ඉතා ශුද්ධදේ කැපකරන පිණිසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත් උන්වහන්සේට සේවයකරන පිණිසත් සෑම කල්හිම උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාදකරන පිණිසත් හැම කලටම වෙන්කරනු ලැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්