Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:17 - Sinhala Revised Old Version

17 ඒ පිට මැණික් පේළි සතරක් බඳින්න. පළමුවෙනි පේළිය ලෝහිතංකයක්ද පුෂ්පරාගයක්ද මරකතයක්ද ඇති පේළියක් වන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එය පිට මැණික් ගල් පේළි හතරක් බැඳිය යුතු ය. පළමු වන පේළිය ලෝහිතංකයක් ද පුෂ්පරාගයක් ද මරකතයක් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එය පිට මැණික් ගල් පේළි හතරක් බැඳිය යුතු ය. පළමු වන පේළිය ලෝහිතංකයක් ද පුෂ්පරාගයක් ද මරකතයක් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:17
15 හුවමාරු යොමු  

නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය; සියලු අනර්ඝ ගල් වන ලෝහිතංකද පුෂ්පරාගද වජ්‍රද රන්කාන්තිද නඛමාණික්‍යද සූර්යකාන්තිද නීලමාණික්‍යද රතු කැටද මරකතද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වලද නුඹේ නළාවලද මෙහෙවර නුඹ තුළෙහි විය; නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරනලද්දේය.


මක්නිසාද ප්‍රඥාව රතුකැටවලට වඩා හොඳය; ආශාවිය හැකි සියලු දේවල්ද ඊට සමාන නොවේ.


ඔව්හු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය; මමද මනුෂ්‍යයෙක් තමාට සේවයකරන තමාගේ පුත්‍රයාට කරුණාකරන්නාක්මෙන් ඔවුන්ට කරුණාකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඇගේ වංශාධිපතීහු හිමවලට වඩා පිරිසිදුව කිරිවලට වඩා සුදුව සිටියෝය, රතුකැටවලට වඩා ඔවුන්ගේ ශරීර රතුව තිබුණේය, ඔවුන්ගේ ඔපය නීලමාණික්‍යය මෙන් විය.


ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය.


රන්ද රතුකැට රාශියක්ද ඇත්තාහ; එහෙත් දැනගැන්ම ඇති තොල් අනර්ඝ මාණික්‍යයක්ය.


ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක.


ගල්වල කැටයම් කරන විධියට මුද්‍රාකෙටීම මෙන් ඒ මැණික් දෙකෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් කොටා, ඒවා රන් කෙවෙනිවල බඳින්න.


නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් ඒවායේ කැටයම්කරන්න.


ඒක හතරැස්ව දෙපටක්ව තිබිය යුතුය; ඒකේ දිග වියතක්ද පළල වියතක්ද විය යුතුය.


දෙවෙනි පේළිය රතු කැටයක්ද නීල මාණික්‍යයක්ද වජ්‍රයක්ද වන්නේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්