Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:12 - Sinhala Revised Old Version

12 ඒ මැණික් දෙක ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමේ ගල් පිණිස ඒඵොද් සැට්ටයේ උර පටි පිහිටුවන්න. මෙසේ ආරොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරවීමක් පිණිස ඔවුන්ගේ නම් තමාගේ දෙඋර පිට දරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඉශ්රායෙල් ජනයා සිහි කිරීමේ ගල් මෙන්, ඒ ගල් දෙක ඒපොද් නම් සැට්ටයේ උර පටියේ ඔබ්බා තැබිය යුතු ය. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියට තම උරහිස් දෙක මත සිහිවීමක් මෙන් ඔවුන්ගේ නාම උසුලාගෙන යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඉශ්රායෙල් ජනයා සිහි කිරීමේ ගල් මෙන්, ඒ ගල් දෙක ඒපොද් නම් සැට්ටයේ උර පටියේ ඔබ්බා තැබිය යුතු ය. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියට තම උරහිස් දෙක මත සිහිවීමක් මෙන් ඔවුන්ගේ නාම උසුලාගෙන යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:12
23 හුවමාරු යොමු  

මෙසේ ආරොන් ශුද්ධ ස්ථානයට ඇතුල්වන කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තර සිහිකරවීමක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාම විනිශ්චයේ ළය වැස්මෙහි තමාගේ හෘදය පිට දරාවා.


නුඹලා ඔවුන්ට කථාකර: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි යොර්දානේ ජලය බෙදී ගිය නිසාය; පෙට්ටිය යොර්දානෙන් මෙතරට එන විට යොර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේයයි කියන්නැයි කීවේය.


මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් සහස්‍රාධිපතීන්ගේද ශතාධිපතීන්ගේද රන් පිළිගෙන ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස සම්මුඛවීමේ කූඩාරමට ගෙනාවෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.


ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක්මෙන් රොටිවල සිහිවීමක් පිණිස ඒ දෙපෙළ පිට පවිත්‍ර තුවරලා තබන්න.


ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.


මෙසේ උන්වහන්සේ අපේ සතුරන්ගේ අත්වලින් අප ගළවා, අපේ සියලු දවස්වල භයක් නැතුව උන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින්ද ධර්මිෂ්ඨකමින්ද


උන්වහන්සේ අපේ පියවරුන්ට කී ලෙස, ආබ්‍රහම්ටද ඔහුගේ වංශයටද


එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි,


බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.


මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.


ඔබගේ ශුද්ධවන්තයන්ට ඔබ දර්ශනයකින් කථාකොට: උපකාරකිරීමේ භාරය බලවන්තයෙකුට පැවරුවෙමි; සෙනඟ අතරෙන් තෝරාගත් කෙනෙකු උසස්කෙළෙමි.


එය එකට සම්බන්ධකරන පිණිස උරපටි දෙක ඒකේ දෙකෙළවරේ බඳිනු ලැබිය යුතුය.


ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹේ මුඛයෙහි තිබෙන පිණිස එය නුඹේ අතේ නුඹට ලකුණක් ලෙසද නුඹේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.


මේ දවස නුඹලාට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, නුඹලා එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වන්න.


ස්තුතිකොට, කඩා: මේක නුඹලා උදෙසා දෙන්නාවූ මාගේ ශරීරයය. මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.


ගල්වල කැටයම් කරන විධියට මුද්‍රාකෙටීම මෙන් ඒ මැණික් දෙකෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් කොටා, ඒවා රන් කෙවෙනිවල බඳින්න.


ඔහු බෙන්යමින් ගැන කියනුයේස්වාමීන්වහන්සේගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය; උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේයයි කීය.


සැබවින් ඒක මාගේ කර පිට තබා ගන්නෙමි; ඔටුන්නක් මෙන් බැඳගන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්