Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 27:19 - Sinhala Revised Old Version

19 මණ්ඩපයේ සියලු වැඩවලට ගන්නාවූ සියලු ආවුදද ඒකේ සියලු ඇණද මළුවේ සියලු ඇණද පිත්තලෙන් විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මණ්ඩපයේ සියලු සේවාවලට භාවිතා කරන සියලු උපකරණ ද මණ්ඩපයේත්, මළුවේත් ඇති කූඤ්ඤ සියල්ල ද ලෝකඩයෙන් විය යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මණ්ඩපයේ සියලු සේවාවලට භාවිතා කරන සියලු උපකරණ ද මණ්ඩපයේත්, මළුවේත් ඇති කූඤ්ඤ සියල්ල ද ලෝකඩයෙන් විය යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 27:19
14 හුවමාරු යොමු  

ඔහුගෙන්ම කොනේ ගලත් ඔහුගෙන්ම ඇණයත් ඔහුගෙන්ම යුද්ධ දුන්නත් ඔහුගෙන්ම එක එක ආණ්ඩුකාරයාත් එක්ව පැමිණෙනවා ඇත.


අපේ මංගල්‍ය නගරය වන සියොන් බලන්න. යෙරුසලම නිශ්චල වාසස්ථානයක්ව අහක් නොවෙන කූඩාරමක්ව තිබෙනවා නුඹේ ඇස්වලින් දකිනවා ඇත. ඒකේ ඇණ කවදාවත් උගුලනු නොලබන්නේය; ඒකේ කිසි ලනුවක් කඩනු නොලබන්නේය.


ප්‍රඥාවන්තයාගේ වචන කෙවිටිවලටද ඔහුගේ උපදේශ සංග්‍රහය හොඳට ගසා තැබූ ඇණවලටද සමානය, ඒවා එක එඬේරෙකු විසින් දෙනලද්දේය.


එහෙත් දැන් අපෙන් ස්වල්ප දෙනෙකු ඉතුරු කරන පිණිසත් ස්වකීය ශුද්ධස්ථානයෙහි අප පිහිටුවන පිණිසත් ස්වල්ප වේලාවකට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් අපට කරුණාව ලැබී තිබේ. මෙසේ අපේ දෙවියන්වහන්සේ අපේ ඇස් එළියකර, අපේ වාල්කමේදී අපට ස්වල්ප සහනයක් දෙනසේක.


වටකරින් තිබෙන මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද ඒවායේ සියලුම බඩුද ඒවාට අයිති සියල්ලද යන මේවාය. ඔවුන් විසින් ගෙන යා යුතු උපකරණ නම්වශයෙන් ගණන්කරදෙන්න.


වටකරින් මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද බලාගැනීමය.


මළුවේ තිර සහ ඒකේ කුළුනුද ඒකේ අඩිද මළුවේ දොරටුවට කඩතුරාව සහ ඒකේ ලනුද ඒකේ ඇණද සම්මුඛවීමේ කූඩාරමට මණ්ඩපයේ මෙහෙයේ සියලු භාණ්ඩද,


වටකරින් මළුවේ අඩිද මළු දොරටුවේ අඩිද මණ්ඩපයේ සියලු ඇණද හාත්පසින් මළුවේ සියලු ඇණද සෑදුවේය.


මණ්ඩපයේද හාත්පස මළුවේද සියලු ඇණ පිත්තලෙන් විය.


මණ්ඩපයේ ඇණද මළුවේ ඇණද ඒවායේ ලනුද;


එහි අලු ඉවත ගෙනයෑමට ඒකේ හැළිද ඒකේ හැඳිද ඒකේ තලිද ඒකේ මස්කොකුද ඒකේ ගිනි කබල්ද සාදන්න. ඒකේ සියලු භාජන පිත්තලෙන් සෑදිය යුතුය.


මළුවේ දිග රියන් සියයක්ය, පළල හැම තැනම පනස් රියනක්ය, උස පස් රියනක්ය, තිර කටිනලද සිහින් හණ නූල්වලින්ද අඩි පිත්තලින්ද විය යුතුය.


එළිය දීමට පහනක් නිතර දැල්වී තිබෙන පිණිස, කොටා සිඳගත් පිරිසිදු ඔලීව තෙල් නුඹ ළඟට ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්