Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 27:1 - Sinhala Revised Old Version

1 පූජාසනය පස් රියනක් දිගටද පස් රියනක් පළලටද ෂිටිම් ලීවලින් සාදන්න; පූජාසනය හතරැස් විය යුතුය. එහි උස තුන්රියනක් විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “ෂිටිම් ලීවලින් මීටර් දෙකයි දශම දෙකක් දිග, මීටර් දෙකයි දශම දෙකක් පළල, මීටර් එකයි දශම තුනක් උස, හතරැස් පූජාසනයක් සෑදිය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “ෂිටිම් ලීවලින් මීටර් දෙකයි දශම දෙකක් දිග, මීටර් දෙකයි දශම දෙකක් පළල, මීටර් එකයි දශම තුනක් උස, හතරැස් පූජාසනයක් සෑදිය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 27:1
20 හුවමාරු යොමු  

අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත.


ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.


එදින ගාද් දාවිත් ළඟට අවුත්: නුඹ ගොස් යෙබූසිය අරව්නාගේ පාවරේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන්නැයි ඔහුට කීවේය.


දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය.


දවන පූජාසනයද ඒකේ සියලු භාජනද ආලේපකොට පූජාසනයද විශුද්ධකරන්න. පූජාසනයද ඉතා ශුද්ධවන්නේය.


මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.


දවන පූජාසනය හා ඒකේ පිත්තල ගරාදි මැස්සද ඒකේ පොලුද ඒකේ සියලු භාජනද සෝදන භාජනය සහ ඒකේ අඩියද;


ඔවුන්ගේ භාරය නම් පෙට්ටියද මේසයද පහන්රුකද පූජාසනද ශුද්ධස්ථානයෙහි සේවයට ගන්නා භාජනද කඩතුරාවද ඊට අයිති සියලු වැඩද බලාගැනීමය.


ඔව්හු පූජාසනයෙන් අළු පහකොට ඒක පිට රත්නිල් රෙද්දක් අතුරා,


ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පිත්තල පූජාසනය වූකලී ගෘහය ඉදිරියෙන් එනම් තමාගේ පූජාසනයටත් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ තැබුවේය.


නුමුත් ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද දෙවියන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් අණකළ සියල්ල ලෙස දවන පූජා පුදන පූජාසනයත් දුම් පූජාසනයත් පිට ඔප්පුකරන්ටද අති ශුද්ධ ස්ථානයේ මුළු මෙහෙය කරන්ටද ඉශ්‍රායෙල්වරුන් උදෙසා සමඟිකම් කරන්ටද නියමව සිටියෝය.


එකල යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද පූජකයෝවූ ඔහුගේ සහෝදරයෝද ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද ඔහුගේ සහෝදරයෝද නැගිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස දවන පූජා ඔප්පුකරන පිණිස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ පූජාසනය ගොඩනැගුවෝය.


මෝසෙස් පූජාසනයක් ගොඩනගා ඊට යෙහෝවඃ-නිස්සී යන නම තැබීය.


දවන පූජාවල පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද,


පිත්තල පූජාසනයද ඒකේ පිත්තල මැස්සද ඒකේ පොලු සහ ඒකේ සියලු භාජනද සෝදන භාජනය සහ ඒකේ අඩියද,


දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපයේ දොරකඩ ඉදිරියෙහි තබන්න.


ඒක පිට සේවය කිරීමට ගන්න ඒකේ සියලු භාජන එනම් ගිනි භාජනද මස් කොකුද පාත්‍රද තලිද යන පූජාසනයේ සියලුම බඩු ඒක පිට තබා තහෂ් හම් වැස්මක් ඒක පිට අතුරා ඒකේ පොලු තබත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්