Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 26:7 - Sinhala Revised Old Version

7 මණ්ඩපය මතුපිටින් කූඩාරමක් කොට එළු ලොමින් තිර සාදන්න. ඒ ආකාර තිර එකොළොසකුත් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 “මණ්ඩපයට උඩින් කූඩාරමක් වන පිණිස එළු ලොම්වලින් තිර එකොළහක් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 “මණ්ඩපයට උඩින් කූඩාරමක් වන පිණිස එළු ලොම්වලින් තිර එකොළහක් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 26:7
18 හුවමාරු යොමු  

එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.


දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා.


ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ මුළු වාසස්ථානයටත් එහි රැස්වීම්වලටත් ඉහළින් දවාලේ වලාකුළක් හා දුමාරයක්ද රාත්‍රියෙහි ඇවිළෙන ගින්නක දීප්තියද මවා තබනසේක. මක්නිසාද මුළු තේජස පිට ඉහළින් වියනක් වන්නේය.


රාජදූ තොමෝ මාලිගාව තුළෙහි සියලු ආකාර තේජසින් යුක්තවන්නීය. ඇගේ වස්ත්‍ර රනින් විසිතුරු කරනලද්දේය.


සියලු වස්ත්‍රද සියලු හම් බඩුද එළු ලොම්වලින් සෑදූ සියලු දේද සියලු ලී බඩුද නුඹලාම පවිත්‍රකරන්නැයි කීවේය.


ඔව්හු මණ්ඩපයේ තිරද සම්මුඛවීමේ කූඩාරමද ඒකේ වැස්මද එය පිට උඩින් තිබෙන තහෂ් හම් වැස්මද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,


ප්‍රඥා ඇතුව සිතින් පොලඹවනලද සියලු ස්ත්‍රීහු එළු ලොම් කැට්ටෝය.


තවද නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද එළු ලොම්ද රතු සායම් පෙවූ බැටළු සම්ද තහෂ් සම්ද ඇතුව සිටි සියල්ලෝ ඒවා ගෙනාවෝය.


නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද එළු ලොම්ද,


රතු සායම් පෙවූ බැටළු සම්වලින් කූඩාරමට වැස්මක්ද තාහෂ් සම්වලින් උඩ වැස්මක්ද සාදන්න.


කූඩාරමේ තිරවලින් වැඩිපුරව තිබෙන කෑල්ල වන ඉතිරි තිර භාගය මණ්ඩපය පිටිපස එල්ලී තිබේවා.


තිර පහක් වෙනමද තිර හයක් වෙනමද සන්ධිකර හවෙනි තිරය කූඩාරමේ ඉස්සරහ පැත්තෙහි දෙකට නමා තබන්න.


තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න.


නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;


රන් කොකු පනසකුත් සාදා මණ්ඩපය එකක්ව තිබෙන පිණිස කොකුවලින් තිර එකිනෙකට සන්ධිකරන්න.


එක එක තිරයේ දිග රියන් තිහක්ය, එක එක තිරයේ පළල රියන් සතරක්ය. තිර එකොළොසම එක මිම්මට තිබිය යුතුය.


සම්මුඛවීමේ කූඩාරමෙහි ගේර්ෂොන් පුත්‍රයන්ගේ භාරයනම් මණ්ඩපය සහ කූඩාරමද ඒකේ වැස්ම සහ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්