Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 26:32 - Sinhala Revised Old Version

32 ඒක රනින් වැසුවාවූ රන් කොකු ඇත්තාවූ රිදී අඩි සතරක් පිට පිහිටුවා තිබෙන්නාවූ ෂිටිම් ලී කුළුනු සතරක් පිට එල්ලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 පසුව එය, රිදී තවු හතරක් සවි කළ රන් කොකු සතරක් ඇති, රන් ආලේප කළ, ෂිටිම් කණු සතරක එල්ලිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 පසුව එය, රිදී තවු හතරක් සවි කළ රන් කොකු සතරක් ඇති, රන් ආලේප කළ, ෂිටිම් කණු සතරක එල්ලිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 26:32
6 හුවමාරු යොමු  

එහි සුදු පාටද කොළ පාටද නිල් පාටද ඇති තිර සිහින් හණ ලනුවලිනුත් රත්නිල් ලනුවලිනුත් රිදී මුදුවලින් සුදුගල් කුළුනුවලට බැඳ තිබුණේය. රතු සුදු කහ කළු යන පාට ඇති ගල් අල්ලාපු බිමක් පිට රන් රිදී යහන් වූහ.


රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම්, සහ ෂිටිම් ලීද;


නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් තිරයක් සාදන්න. ඒක දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප සහිතව සෑදිය යුතුය.


තිරයෙන් ශුද්ධ ස්ථානය අති ශුද්ධ ස්ථානයෙන් නුඹලාට වෙන්ව තිබෙන හැටියට තිරය කොකුවල යටින් එල්ලා එහි තිරයට ඇතුළතින් සාක්ෂි පෙට්ටිය තබන්න.


කඩතුරාවට ෂිටිම් ලීවලින් කණු පහක් සාදා ඒවා රනින් වසන්න; ඒවායේ කොකුද රනින් විය යුතුය. ඒවාට පිත්තල අඩි පහක්ද වාත්තුකරන්න.


ඒකේ කුළුනු පහද ඒවායේ කොකුද සෑදුවේය. ඒවායේ පේකඩද ඒවායේ පටිද රනින් වැසුවේය. ඒවායේ අඩි පහ පිත්තලෙන් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්