Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 26:3 - Sinhala Revised Old Version

3 තිර පහක් එකකට එකක් සන්ධිකරනු ලබන්නේය; අනික් තිර පහද එකකට එකක් සන්ධිකරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 තිර පහක්, එකටෙක සම්බන්ධ කළ යුතු ය. අනිත් තිර පහ ද එසේ ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 තිර පහක්, එකටෙක සම්බන්ධ කළ යුතු ය. අනිත් තිර පහ ද එසේ ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 26:3
12 හුවමාරු යොමු  

මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය.


ඒ වනාහි ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධවී, තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නමැති සියලු සම්පත භුක්තිවිඳිමින්, ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත්, දෙවියන්වහන්සේගේ රහස වන ක්‍රිස්තුස්වහන්සේ දැනගන්නා පිණිසත්ය.


උන්වහන්සේගෙන් මුළු ශරීරය එකට සන්ධිකරනු ලැබ සවිවී, එක එක කොට්ඨාසයේ ප්‍රමාණයේ ක්‍රියාකිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොටගෙන ප්‍රේමයෙන් වර්ධනයවන ලෙස ශරීරය වැඩෙන්නේය.


ඉතින් නානාප්‍රකාර දීමනා ඇත්තේය, නුමුත් එක ආත්මයාණන් වහන්සේය.


ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාසකරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤාකරමි.


ඔහු තිර පහක් එකට එක මූට්ටුකෙළේය. අනික් තිර පහත් එකට එක මූට්ටුකෙළේය.


තිර පහක් වෙනමද තිර හයක් වෙනමද සන්ධිකර හවෙනි තිරය කූඩාරමේ ඉස්සරහ පැත්තෙහි දෙකට නමා තබන්න.


එක එක තිරයේ දිග විසි අට රියනක්ද එක එක තිරයේ පළල සතර රියනක්ද විය යුතුය. සියලුම තිර එක ප්‍රමාණ විය යුතුය.


සන්ධිකරන තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි නිල් පුඩු සාදන්න; සන්ධිකරන අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහිත් එසේම සාදන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්