Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 25:29 - Sinhala Revised Old Version

29 ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ කෙණ්ඩිද ඒකේ පාත්‍රාද ඒවායින් වත්කරන පිණිස පවිත්‍ර රනින් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එහි තබන තැටි ද කුසලාන ද කෙණ්ඩි ද පානීය පූජා දැමීමට ගන්න පාත්‍ර ද තනි රත්රනින් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එහි තබන තැටි ද කුසලාන ද කෙණ්ඩි ද පානීය පූජා දැමීමට ගන්න පාත්‍ර ද තනි රත්රනින් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 25:29
14 හුවමාරු යොමු  

පිදීමේ රොටි මේසය පිටත් නිල් රෙද්දක් අතුරා ඒ මතුයෙහි තැටි ද පාත්‍රද කෙණ්ඩිද වත්කරන කුසලාන්ද තබත්වා. නිරන්තර රොටිත් එය පිට තිබේවා.


ඔහු මේසය පිට තබන භාජන වන ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ පාත්‍රාද පාන පූජා වත්කරන පිණිස ඒකේ කෙණ්ඩිද පවිත්‍ර රනින් සෑදුවේය.


මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.


මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.


පවිත්‍ර රනින් පහන් කතුරුද තලිද හැඳිද ගිනි කබල්ද සෑදෙවුවේය. ගෘහයට ඇතුල්වන තැන එනම් අති ශුද්ධස්ථානයේ ඇතුල් දොරවල්ද ගෘහයේ එනම් මාලිගාවේ දොරවල්ද රනින් විය.


අනර්ඝ රනින් තලිද පහන් කතුරුද තාලිද පාත්‍රාද ගිනි භාජනද රනින් ඇතුල් ගෘහය වන අති ශුද්ධස්ථානයේ දොරවලටත් ගෘහය වන මාලිගාවේ දොරවලටත් රන් අසව්-විලිද සෑදෙව්වේය.


ඔහු ඔප්පුකළේ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;


ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;


මේසය ගෙනයන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසන්න.


පූජාසනය ආලේපකළ දවසේදී ඒක කැපකිරීමට ඉශ්‍රායෙල් අධිපතිවරුන්ගෙන් ලැබුණු දේවල් මේවාය. රිදී තැටි දොළොසක්ය, රිදී තාලි දොළොසක්ය, රන් පාත්‍රා දොළොසක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්