Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 25:23 - Sinhala Revised Old Version

23 ෂිටිම් ලීවලින් මේසයක්ද සාදන්න. ඒකේ දිග දෙරියනක්ද ඒකේ පළල එක් රියනක්ද ඒකේ උස එක් රියන් හමාරක්ද විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “තවද, ෂිටිම් ලීයෙන්, සෙන්ටිමීටර් අසූඅටක් දිග, සෙන්ටිමීටර් හතළිස්හතරක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස මේසයක් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “තවද, ෂිටිම් ලීයෙන්, සෙන්ටිමීටර් අසූඅටක් දිග, සෙන්ටිමීටර් හතළිස්හතරක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස මේසයක් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 25:23
15 හුවමාරු යොමු  

මක්නිසාද ශුද්ධස්ථානයය කියන පළමුවෙනි මණ්ඩපය සාදනලද්දේය, එහි පහන්රුකද මේසයද පිදීමේ රොටිද තිබුණේය;


ඔහු මේස දසයක්ද සාදා, පහක් මාලිගාවෙහි දකුණේද පහක් වමේද තැබුවේය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේය.


සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද,


සාලමොන් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු වන රන් පූජාසනයද පිදීමේ රොටි තිබුණු මේසද;


පිදීමේ රොටි තබන එක එක මේසයේ රන් බරද, රිදී මේසවලට රිදී බරද,


ඔවුන්ගේ භාරය නම් පෙට්ටියද මේසයද පහන්රුකද පූජාසනද ශුද්ධස්ථානයෙහි සේවයට ගන්නා භාජනද කඩතුරාවද ඊට අයිති සියලු වැඩද බලාගැනීමය.


ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර මේසය උඩ පෙළකට සයක් බැගින් දෙපෙළකට තබන්න.


මේසය සහ ඒකේ පොලුද ඒකේ සියලු භාජනද පිදීමේ රොටිද;


පූජාසනය ලී පූජාසනයක්ය, උස රියන් තුනක්ය, ඒකේ දිග දෙරියනක්ය; ඒකේ කොන්ද ඒකේ අඩියද ඒකේ පැතිද ලීවලින්ය. එවිට ඔහු: මෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසයයයි මට කීය.


මේසය සහ එහි භාජනද පවිත්‍ර පහන් රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනයද,


ඔව්හු ඒවා පිට රතු රෙද්දක් අතුරා ඒක තහෂ් හම් වැස්මකින් වසා ඒකේ පොලු තබත්වා.


දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට දකුණු පැත්තෙත් වම් පැත්තෙත් පහක් බැගින් තැබීමට අනර්ඝ රනින් පහන්රුක්ද මල්ද පහන්ද අඬුද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්