Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 25:11 - Sinhala Revised Old Version

11 නුඹ එය පවිත්‍ර රනින් වැසිය යුතුය, ඇතුළත් පිටත් එසේ වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සෑදිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එහි ඇතුළත ද පිටත ද තනි රත්රනින් ආලේප කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එහි ඇතුළත ද පිටත ද තනි රත්රනින් ආලේප කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 25:11
7 හුවමාරු යොමු  

ඒක පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සාදන්න.


ඉස්සරහ තිබුණ ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, උස එකසිය විස්සක්ය. එහි ඇතුළත ඔහු පවිත්‍ර රනින් වැසුවේය.


ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, එහි උසත් විසි රියනක්ය; ඔහු එය අනර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලීවලින් වැසුවේය.


ඒකේ මුදුනද වටකරින් ඒකේ පැතිද ඒකේ අංද පවිත්‍ර රනින් වසන්න; ඒක වටේට රන් ලීස්තරයකුත් සාදන්න.


එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය.


නුඹ ඒකට රන් වළලු සතරක් වාත්තුකොට ඒකේ පාද සතරේ තැබිය යුතුය; එක පැත්තකට වළලු දෙකක්ද අනික් පැත්තට වළලු දෙකක්ද වියයුතුය.


ළය වැස්ම පිට රනින්වළලු දෙකක් සාදා ඒ වළලු දෙක ළය වැස්මේ දෙකෙළවර පිට තබන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්