Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 24:7 - Sinhala Revised Old Version

7 තවද ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනඟ ඉදිරියෙහි කියෙවුවේය. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරමින් කීකරුවන්නෙමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 24:7
17 හුවමාරු යොමු  

මේ ලියුම සියලු සහෝදරයන්ට කියවාදෙන ලෙස ස්වාමීන්වහන්සේගේ නමින් නුඹලාට අණකරමි.


මේ ලියුම නුඹලා අතරෙහි කියෙවු පසු, මේක ලවොදිකයන්ගේ සභාවෙහිද කියවනු ලබන්ට සලස්වන්න; ලවොදිකයෙන් ලැබෙන ලියුම නුඹලාත් කියවන්ට බලාගන්න.


ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය.


එවිට මුළු සෙනඟ එක්ව උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ලම කරන්නෙමුයයි කීවෝය. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේට සැලකළේය.


සෙනඟද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අපි සේවයකර, උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙන්නෙමුයයි යෝෂුවාට කීවෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ්හිදී තිබූ ගල්ලෑලි දෙක මිස ගිවිසුම් පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය.


පූජා කරණකොටගෙන මා සමඟ ගිවිසුමක් කළාවූ මාගේ ශුද්ධවන්තයන් මා වෙතට රැස් කරව්.


නුමුත් ඔව්හු කටින් උන්වහන්සේට චාටුකළෝය, දිවෙන් උන්වහන්සේට බොරු කීවෝය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹලාගේ පියවරුන් මිසර දේශය වන වහල්කමේ ගෙයින් ගෙනා දවසේදී ඔවුන් සමඟ ගිවිසුමක් කරමින්–


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීමෙන් අපට යහපත සිද්ධවෙන පිණිස උන්වහන්සේ වෙතට අපි නුඹ යවම්හ; හොඳක් වුවත් නොහොඳක් වුවත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට අපි කීකරුවන්නෙමුයයි යෙරෙමියාට කීවෝය.


මම නුඹ ළඟින් ගොස් බැලූ කල, නුඹේ කාලය වන ප්‍රේමයේ කාලය පැමිණී තිබෙන බව දැක, මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම්දී, නුඹ සමඟ ගිවිසුමක් කරගත්තෙමි, නුඹද මට අයිතිවූයෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


අප සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැවුවේ එක දෙවියන්වහන්සේ නොවේද? අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසන හැටියට අපි එකිනෙකාට විරුද්ධව මක්නිසා ද්‍රෝහිකම්කරමුද?


ඔව්හු මහත් හඬද ඝෝෂාවද හොරණෑවලත් නළාවලත් ශබ්දයද ඇතුව ස්වාමීන්වහන්සේට දිවුරුම් දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්