Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 23:29 - Sinhala Revised Old Version

29 මම එක අවුරුද්දකින් ඔවුන් නුඹ ඉදිරියෙන් පන්නා නොදමන්නෙමි; එසේකළොත් දේශය පාළුවී වන මෘගයන් නුඹට විරුද්ධව බෝවෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එක අවුරුද්දකින් මම ඔවුන් නුඹ වෙතින් පන්නා නොදමන්නෙමි. මන්ද, එසේ කළොත් රට පාළු වනු ඇත; වන මෘගයන් ද වැඩි වීමෙන් නුඹලාට අවාසි වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එක අවුරුද්දකින් මම ඔවුන් නුඹ වෙතින් පන්නා නොදමන්නෙමි. මන්ද, එසේ කළොත් රට පාළු වනු ඇත; වන මෘගයන් ද වැඩි වීමෙන් නුඹලාට අවාසි වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 23:29
7 හුවමාරු යොමු  

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් ටිකෙන් ටික පහකර දමනවා ඇත. නුඹ ඉක්මනින් ඔවුන් නැතිකර නොදැමිය යුතුය, එසේ කළොත් වන මෘගයෝ නුඹට විරුද්ධව වැඩිවන්නෝය.


ඔව්හු ගෙසෙර්හි වාසයකළ කානානිවරුන් පන්නා නොදැමුවෝය. නුමුත් කානානිවරු අද දවස දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත්ව සිටිති.


නුමුත් යෙරුසලමේ වාසයකළ යෙබූසිවරුන් පන්නාදමන්ට යූදා පුත්‍රයන්ට නොහැකි විය. අද දවස දක්වා යෙබූසිවරු යූදා පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.


නුඹලා වැඩිවී දේශය උරුමකරගන්න තෙක් ඔවුන් ටිකෙන් ටික නුඹ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.


මක්නිසාද මම නුඹ ඉදිරියෙන් ජාතීන් දුරුකොට නුඹේ සීමාව විශාල කරන්නෙමි. නුඹ අවුරුද්දකට තුන් වරක් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට යන කල්හි කිසිවෙක් නුඹේ දේශයට ආශා නොකරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්