Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 22:24 - Sinhala Revised Old Version

24 එවිට මාගේ උදහස ඇවිළෙනවා ඇත, මමද කඩුවෙන් නුඹලා මරාදමන්නෙමි; මෙසේ නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුමියෝද නුඹලාගේ දරුවෝ පියා නැත්තෝද වන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 22:24
21 හුවමාරු යොමු  

ඔහුගේ දරුවෝ පියා නැත්තෝ වෙත්වා, ඔහුගේ භාර්යාවද වැන්දඹුවක් වේවා.


මුහුදේ වැලිවලට වඩා ඔවුන්ගේ වැන්දඹුවෝ වැඩිවූවෝය. මම යෞවනයන්ගේ මවුට විරුද්ධව ඉර මුදුන් වේලාවේ නාස්ති කරන්නෙක් ඔවුන් කෙරෙහි පැමිණෙවුවෙමි. වෙවුලුමද කැලඹීම්ද හදිසියෙන් ඈ පිටට වැටෙන්ට සැලැස්සුවෙමි.


අපි කාත් නැත්තෝය, පියා නැති දරුවෝය, අපේ මවුවරුන් වැන්දඹුවන් මෙන්ය.


ඔවුන් පිට ඔබගේ කෝපය වත්කළ මැනව, ඔබගේ කෝපාග්නිය ඔවුන් පිට වැටේවා.


ජීවමානවූ දෙවියන්වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්ය.


දෙන්න, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.


උන්වහන්සේගේ කෝපය ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේගේ බලවත් උදහසේදී පවතින්නේ කවුද? උන්වහන්සේගේ කෝපය ගිනි මෙන් වැගිරෙන්නේය, පර්වතද උන්වහන්සේ ඉදිරියෙහි කඩාවැටෙන්නේය.


එබැවින් ඔවුන්ගේ දරුවන් සාගතයට භාරදී, ඔවුන් කඩුවේ බලයට අත්හැරිය මැනව; ඔවුන්ගේ භාර්යාවෝ දරුවන් නැත්තියෝද වැන්දඹුවෝද වෙත්වා; ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත්වා, ඔවුන්ගේ යෞවනයෝද යුද්ධයේදී කඩුවෙන් මැරුම්කත්වා.


ඔබගේ කෝපයේ බලයත් ඔබට භයවිය යුතු ප්‍රමාණයේ හැටියට ඔබගේ උදහසත් දන්නේ කවුද?


භයවිය යුත්තේ ඔබටය, ඔබට පමණක්මය. ඔබ කෝපවූ කල්හි ඔබ ඉදිරියෙහි සිටින්ට හැකි කාටද?


මක්නිසාද දෙවියන්වහන්සේගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය, උන්වහන්සේගේ මහන්තත්ත්වය ඉදිරියෙහිද මට කිසිවක් කළ නොහැකිවිය.


මක්නිසාද දුෂ්ටයාගේ මුඛයද රැවටිලි මුඛයද මට විරුද්ධව ඇරියෝය. ඔව්හු බොරු කියන දිවකින් මට කථාකළෝය.


නුඹ වෙත නුඹේ සහෝදරයෙක් දිළිඳුවී ඔහුගේ අතමිට හිඟවුණොත් ඔහුට උපකාරකරන්න. විදේශියෙකු හා ආගන්තුකයෙකු මෙන් ඔහු නුඹ වෙත වාසයකෙරේවා.


නුඹේ සහෝදරයා නුඹ වෙත රක්ෂාවෙන පිණිස පොළීවත් ලාභයක්වත් ඔහුගෙන් නොගෙන නුඹේ දෙවියන්වහන්සේට භයව සිටින්න.


විදේශියෙකුට පොලියට දෙන්ට නුඹට පුළුවන; නුමුත් නුඹ හිමි කරගන්ට යන දේශයෙහි නුඹ අත තබන සියල්ලේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන පිණිස නුඹේ සහෝදරයාට පොලියට නොදෙන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ බාරයක් වුණ කල්හි ඒක ගෙවන්ට ප්‍රමාදනොවෙන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹෙන් අයකරනවාම ඇත; ඒක නුඹට පාපයක් වේ.


මම මාගේ සිතින් කල්පනාකොට පසුව උත්තමයන්ටද මුලාදෑනීන්ටද තරවටුකර: නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාගෙන් පොළිගන්නවායයි ඔවුන්ට කීවෙමි. මම ඔවුන්ට විරුද්ධව මහත් සමූහයක් රැස්කරවා ඔවුන්ට කථාකොට:


ඔහු මුදල් පොළියට නොදෙයි, නිර්දෝෂයාට විරුද්ධව අල්ලස්ද නොගනියි. මෙසේ කරන තැනැත්තේ කිසි කලෙකත් නොසෙල්වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්