Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 22:15 - Sinhala Revised Old Version

15 උගේ අයිතිකාරයා ළඟ සිටියොත් එලෙස ගෙවන්ට ඕනෑ නැත. ඌ කුලියට ගත් එකෙක් නම් ඌ උගේ කුලියට ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එහෙත්, මෘගයාගේ අයිතිකරු ළඟ සිටියේ නම් ඔහු අලාභය නොගෙවිය යුතු ය. ඌ කුලියට ගත් මෘගයෙකු නම් ඔහු කුලී මිල ගෙවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එහෙත්, මෘගයාගේ අයිතිකරු ළඟ සිටියේ නම් ඔහු අලාභය නොගෙවිය යුතු ය. ඌ කුලියට ගත් මෘගයෙකු නම් ඔහු කුලී මිල ගෙවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 22:15
5 හුවමාරු යොමු  

මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් මනුෂ්‍යයාට කුලියක් ලැබුණේවත් මෘගයාට කුලියක් තිබුණේවත් නැත; පිටතට යන අයටත් ඇතුළට එන අයටත් එදිරිකාරයා නිසා සමාදානය තිබුණෙත් නැත. එසේය, මම සියලු මනුෂ්‍යයන් එකිනෙකාට විරුද්ධකෙළෙමි.


මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් සතෙකු ඉල්ලාගෙන, අයිතිකාරයා ළඟ නැති කල ඒකාට තුවාල වුණොත්, නොහොත් ඌ මළොත්, ඔහු සැබවින්ම අලාභය ගෙවිය යුතුය.


මනුෂ්‍යයෙක් විවාහ බස් නුදුන්නාවූ කන්‍යාවක් පොළඹවාගෙන ඈ සමඟ සයනයකළොත් ඈ තමාගේ භාර්යාව වන පිණිස ඔහු සැබවින්ම දායාදයක් දියයුතුය.


කොපමණ දායාද හා තෑගි මට නියමකළත් නුඹලා මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය.


ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්