Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 21:8 - Sinhala Revised Old Version

8 ඈට විවාහ බස් දුන් ඇගේ ස්වාමියා ඈ කෙරෙහි ප්‍රසන්න නැත්නම් ඔහු ඈ මුදන්ට ඉඩදේවා, ඔහු ඈට රැවටිල්ලෙන් ක්‍රියා කළ බැවින් අන් සෙනඟකට ඈ විකුණන්ට ඔහුට කිසි බලයක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 භාර්යාවක වශයෙන් තමා පාවාගත් ස්වාමියාට ඈ ප්‍රිය මනාප නොවන්නී නම්, ඈ ආපසු මිල දී ගැනීමට අවසර දිය යුතු ය. එහෙත්, ඔහුට ඇය විදේශිකයෙකුට විකිණීමට බලයක් නොමැත. මන්ද, එසේ කිරීම ඇයට කරන අසාධාරණයක් බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 භාර්යාවක වශයෙන් තමා පාවාගත් ස්වාමියාට ඈ ප්‍රිය මනාප නොවන්නී නම්, ඈ ආපසු මිල දී ගැනීමට අවසර දිය යුතු ය. එහෙත්, ඔහුට ඇය විදේශිකයෙකුට විකිණීමට බලයක් නොමැත. මන්ද, එසේ කිරීම ඇයට කරන අසාධාරණයක් බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 21:8
13 හුවමාරු යොමු  

එවිට ඔහුගේ මව්පියෝ කථාකොට: නුඹ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් භාර්යාවකු ගන්ට යන්නේ නුඹේ සහෝදරයන්ගේ දූවරුන් අතරේවත් මාගේ මුළු සෙනඟ අතරේවත් ස්ත්‍රියක් නැති නිසාදැයි ඔහුට කීවෝය. නුමුත් සම්සොන්: ඒ තැනැත්තිය මට ලබාදෙන්න, මක්නිසාද මම ඈට කැමතියයි තමාගේ පියාට කීවේය.


නුඹලා මෙසේ අද දවසේ යෙරුබ්බාල්ටත් ඔහුගේ වංශයටත් සැබෑකමින්ද අවංකකමින්ද ක්‍රියාකළානම් අබිමෙලෙක් ගැන ප්‍රීතිවන්න, ඔහුත් නුඹලා ගැන ප්‍රීතිවේවා.


ස්ත්‍රියෙකුට විවාහ බස් දී ඈ පාවා නොගත් මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ඈ පාවා ගන්නවා ඇතැයි කියන්ට ඕනෑය.


මෝසෙස්ද: බැලුව මැනවි, මම ඔබ කෙරෙන් ගොස් මැසි රංචු ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් වෙතින්ද ඔහුගේ සෙනඟ වෙතින්ද හෙට දවසේ පහවයන ලෙස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්නෙමි. නුමුත් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට නොහරින ලෙස ඵාරාවෝ තවත් වංචා ලෙස ක්‍රියානොකෙරේවයි කීය.


තවද කානාන්හි දූවරුන්ට තමාගේ පියවූ ඊසාක් අප්‍රිය වූ බව ඒසව් දැක


මාගේ සහෝදරයෝ ඔයක් මෙන්ද පහවී යන ඔයවල දිය පාරවල් මෙන්ද රැවටිලි ලෙස ක්‍රියාකළෝය.


සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්‍රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය.


එහෙත්: අප විනිශ්චයකරන්ට අපට රජෙකු දුන මැනවැයි කී කීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.


මනුෂ්‍යයෙක් තමාගේ දුව දාසියෙකුකොට වික්කොත් වැඩකාරයන් නිදහස්ව යන්නාක්මෙන් ඈ නොයන්නීය.


ඔහු තමාගේ පුත්‍රයාට ඈ ගැන විවාහ බස් දුන්නොත් දූවරුන්ගේ නියමයේ හැටියට ඈට ක්‍රියාකරන්නේය.


ඔවුන් ද්‍රෝහිකම්කළ නිසා මම දේශය පාළුවක් කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්