Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 21:5 - Sinhala Revised Old Version

5 එහෙත් ඒ වැඩකාරයා: මාගේ ස්වාමියාටද මාගේ භාර්යාවටද මාගේ දරුවන්ටද ආදරේ ඇත්තෙමි; නිදහස්ව නොයන්නෙමියි ඇත්තටම කියාසිටියොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එහෙත්, දාසයා, ‘මම මාගේ ස්වාමියාට ද මාගේ භාර්යාවට ද මාගේ දරුවන්ට ද ප්‍රේම කරමි. මට නිදහස උවමනා නැතැ’යි කියා ප්‍රකාශ කරන්නේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහෙත්, දාසයා, ‘මම මාගේ ස්වාමියාට ද මාගේ භාර්යාවට ද මාගේ දරුවන්ට ද ප්‍රේම කරමි. මට නිදහස උවමනා නැතැ’යි කියා ප්‍රකාශ කරන්නේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 21:5
5 හුවමාරු යොමු  

ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක් දුන්නේනම්, ඈ ඔහු නිසා පුත්‍රයන් හෝ දූවරුන් හෝ වැදුවානම්, ඒ ස්ත්‍රියද ඇගේ දරුවෝද ස්වාමියා සන්තකය, ඔහු පමණක් නිදහස්ව යන්නේය.


ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන්වහන්සේ ඉදිරියට කැඳවා දොර ළඟට නොහොත් උළුවහු කණුව ළඟට ගෙන ගොස් විදින කටුවකින් ඔහුගේ කන සිදුරු කළ යුතුය; ඔහුද සෑමකල්හිම ඔහුට වැඩකරන්නේය.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඇර වෙන ස්වාමිවරු අප ආණ්ඩුකළෝය; නුමුත් අපි ඔබ සහ ඔබගේ නාමය පමණක් සඳහන්කරන්නෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්