Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 21:32 - Sinhala Revised Old Version

32 ගවයා වැඩකාරයෙකුට හෝ වැඩකාරියකට හෝ ඇන්නොත් ඔවුන්ගේ ස්වාමියාට ඔහු රිදී ෂෙකෙල් තිහක් දිය යුතුය, ගවයාද ගල් ගසා මැරිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ගොනා දාසයෙකුට හෝ දාසියකට හෝ ඇන මැරුවහොත්, ඌ අයිතිකරු ඔවුන්ගේ ස්වාමියාට රිදී කාසි තිහක් දිය යුතු අතර ගොනාට ද ගල් ගසා මරාදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ගොනා දාසයෙකුට හෝ දාසියකට හෝ ඇන මැරුවහොත්, ඌ අයිතිකරු ඔවුන්ගේ ස්වාමියාට රිදී කාසි තිහක් දිය යුතු අතර ගොනාට ද ගල් ගසා මරාදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 21:32
9 හුවමාරු යොමු  

ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය.


එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක.


මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය.


ඌ පුත්‍රයෙකුට ඇන්නත් දුවකට ඇන්නත් මේ විනිශ්චය ලෙස ඔහුට කළ යුතුය.


මනුෂ්‍යයෙක් වළක වැස්ම හැර තැබූ කල නොහොත් වළක් හාරා ඒක නොවසා තැබූ කල ගවයෙක් හෝ කොටළුවෙක් හෝ එහි වැටුණොත්,


මම වනාහි අනාතෝත්හි තිබෙන කෙත මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල්ගෙන් මිලේටගෙන, එහි මිල වන රිදී ෂෙකෙල් දහහතක් ඔහුට කිරාදුනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්