Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 21:26 - Sinhala Revised Old Version

26 මනුෂ්‍යයෙක් තමාගේ වැඩකාරයාගේ ඇසට හෝ වැඩකාරීගේ ඇසට හෝ පහරදී එය නැතිකළොත් ඔහුගේ ඇස නිසා ඔහු නිදහස්කර හැරිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 “යමෙක් තම දාසයාගේ හෝ දාසියගේ හෝ ඇසට පහර දී එය අන්ධ කරන්නේ නම් නැති වූ ඇසට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 “යමෙක් තම දාසයාගේ හෝ දාසියගේ හෝ ඇසට පහර දී එය අන්ධ කරන්නේ නම් නැති වූ ඇසට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 21:26
14 හුවමාරු යොමු  

ස්වාමිවරුනි, ස්වර්ගයෙහි නුඹලාටත් ස්වාමි කෙනෙක් සිටින බව දැන, නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨවූ සාධාරණවූ දේ දෙන්න.


ස්වාමිවරුනි, නුඹලාගෙත් ඔවුන්ගෙත් ස්වාමීන්වහන්සේ ස්වර්ගයෙහි සිටින බවද උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බවද දැන, තර්ජනකිරීමෙන් වැලකී, ඔවුන්ට එම දේවල් කරන්න.


පියා නැත්තා සහ පීඩා විඳින්නා විනිශ්චයකරන්ට, ඔබ ඔවුන්ගේ සිත් සූදානම්කරනසේක, ඔබ කන්දී අසනසේක.


ඔබ එය දුටුසේක; මක්නිසාද ස්වකීය හස්තයෙන් විපාකදෙන පිණිස ඔබ නපුරුකම සහ වෛරය දෙස බලනසේක. අසරණ තැනැත්තේ ඔබට භාරවෙයි; ඔබ පියා නැත්තාගේ උපකාරකාරයාණෝ වූසේක.


මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක. දිළිඳාගේ මොරගැසීම මතකනැති නොකරනසේක.


ඉතින් අපේ මාංසය අපේ සහෝදරයන්ගේ මාංසය වාගේය, අපේ දරුවොත් ඔවුන්ගේ දරුවන් වාගේය. එහෙත් අපේ පුත්‍රයන්ද දූවරුන්ද දාසකමට යටත්කරදෙමුව, අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනටම දාසකමට පත්ව සිටිති. එය වෙනස්කරන්ට අපට පුළුවන්කමකුත් නැත; අපේ බිම්ද මිදිවතුද අනුන්ට වී තිබේයයි කීවෝය.


නුඹ විනිශ්චය නොපෙරළන්න; මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්න. අල්ලසක් නොගන්න; මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරළන්නේය.


මනුෂ්‍යයෙක් තමාගේ වැඩකාරයාට හෝ වැඩකාරීට හෝ සැරයටියකින් ගසා එයින් ඒ අය මළේ නම්, ගැසූ අය සැබවින් දඬුවම් ලැබිය යුතුය.


දැවීමට දැවීමත් තුවාලයට තුවාලයත් පහරට පහරත් දිය යුතුය.


ඔහු තමාගේ වැඩකාරයාගේ දත හෝ වැඩකාරීගේ දත හෝ ඉගිලෙන්ට ගැසුවොත් ඒ අයගේ දත නිසා ඔහු නිදහස් කර හැරීය යුතුය.


ප්‍රාණයට ප්‍රාණයත් ඇසට ඇසත් දතට දතත් අතට අතත් පයට පයත්


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්