Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 21:20 - Sinhala Revised Old Version

20 මනුෂ්‍යයෙක් තමාගේ වැඩකාරයාට හෝ වැඩකාරීට හෝ සැරයටියකින් ගසා එයින් ඒ අය මළේ නම්, ගැසූ අය සැබවින් දඬුවම් ලැබිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 “යමෙකු තම දාසයාට හෝ දාසියට හෝ කෝටුවකින් පහර දී එවැන්නෙක් එතැන ම මළේ නම්, ඒ තැනැත්තා දඬුවම් ලැබිය යුතු ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 “යමෙකු තම දාසයාට හෝ දාසියට හෝ කෝටුවකින් පහර දී එවැන්නෙක් එතැන ම මළේ නම්, ඒ තැනැත්තා දඬුවම් ලැබිය යුතු ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 21:20
12 හුවමාරු යොමු  

මක්නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.


වැඩකාරයෙක් වචනවලට නොහික්මෙන්නේය; මක්නිසාද ඔහුට තේරෙන නුමුත් උත්තරදෙන්නේ නැත.


නුඹේ ඇස දයා නොකෙරේවා; ප්‍රාණය හිලව්වට ප්‍රාණයක් ගනුලැබේ, ඇස හිලව්වට ඇසක්ය, දත හිලව්වට දතක්ය, අත හිලව්වට අතක්ය, පය හිලව්වට පයක්ය.


ලේ වල පළිය ගන්න තැනැත්තේම මිනීමරන්නා මරාවා. ඔහු සම්බවූවිට ඔහු මරාවා.


දෙවියන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය.


ඉදින් කායින් නිසා සත් වරක් පළිගනු ලැබේ නම් සැබවින් ලාමෙක් නිසා සැත්තෑසත් වරක් පළිගනු ලැබේයැයි කීවේය.


ස්වාමීන්වහන්සේ: ඉදින් යමෙක් කායින් මරන්නේද ඔහුගෙන් සත්වරක් පළිගනු ලබන්නේයයි ඔහුට කීසේක. කායින් සම්බවෙන කිසිවෙක් ඔහුට පහර නොදෙන පිණිස ස්වාමීන්වහන්සේ ඔහුට ලකුණක් නියම කළසේක.


දෙවනු නැගිට ඔහුගේ සැරයටි වාරුවෙන් පිටත ඇවිද්දොත් ඔහුට පහරදුන් තැනැත්තේ නිදහස් වන්නේය. නුමුත් ඔහු විසින් ඒ මනුෂ්‍යයා නිකම් සිටි කාලයට පමණක් ගෙවා ඔහු සම්පූර්ණයෙන් සුවකරනු ලබන්ට සැලැස්විය යුතුය.


එසේවී නුමුත් ඔහු දවසක් හෝ දෙදවසක් හෝ නොමැරී සිටියොත් ඔහු දඬුවම් නොලබන්නේය. මක්නිසාද ඒ තැනැත්තා ඔහුගේ වස්තුවය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්