Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 21:13 - Sinhala Revised Old Version

13 නුමුත් මනුෂ්‍යයෙක් රැක නොසිටිද්දී ඔහු අතට අසුවෙන්ට දෙවියන්වහන්සේ ඉඩ ඇරියොත් ඔහු විසින් පලායන පිණිස තැනක් නුඹට නියම කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එහෙත්, මැරීමේ අදහසක් නැති ව හදිසි අනතුරකින් මරණය සිදු වී නම් ඒ තැනැත්තා පලා යා යුතු ස්ථානයක් මම නුඹට නියම කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එහෙත්, මැරීමේ අදහසක් නැති ව හදිසි අනතුරකින් මරණය සිදු වී නම් ඒ තැනැත්තා පලා යා යුතු ස්ථානයක් මම නුඹට නියම කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 21:13
13 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ නුඹ අතට මා පාවාදුන් විට නුඹ මා නොමැරූ බැවින් නුඹ මට යහපත කළ බව අද පෙන්වා දුන්නෙහිය.


ස්වාමීන්වහන්සේ අද ගුහාවේදී ඔබ මා අතට පාවාදුන් බව ඔබගේ ඇස් වලටම මේ දවසේදී පෙනුණේය. සමහරු ඔබ මරන්ටය කියා මට කීවෝය. නුමුත් මම ඔබට කරුණාකෙළෙමි; මක්නිසාද–මාගේ ස්වාමියා ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධව මාගේ අත දිගුනොකරමියි කීමි.


එවිට දාවිත්ගේ මිනිස්සු කථාකොට: මෙන්න, නුඹට හොඳව පෙනෙන ලෙස නුඹේ සතුරාට කරන පිණිස මම නුඹ අතට ඔහු පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීවේ අද දවස ගැනයයි කීවෝය. එවිට දාවිත් නැගිට සාවුල්ගේ සළුවේ කොණ රහසින් කපාගත්තේය.


භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝම ලේ වගුරුවන පිණිස රැක සිටිති; එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසුකරගන්ට යති.


නුමුත් ඔහු එසේ අදහස්කරන්නේවත් ඔහුගේ සිතින් එසේ සිතන්නේවත් නැත; ස්වල්ප ගණනක් නොවන ජාතීන් විනාශකරන්ටද සිඳදමන්ටද ඔහුගේ සිතෙහි තිබේ.


රජද: ශෙරුයාගේ පුත්‍රයෙනි, නුඹලාගෙන් මට කම් කිම්ද? ඔහු දෙස් කීවේ මක්නිසාද? දාවිත්ට දෙස් කියන්නැයි ස්වාමීන්වහන්සේ ඔහුට කියා තිබේ නම්–නුඹ මෙසේ කළේ මක්නිසාදැයි කියන්ට පුළුවන් කවරෙකුටදැයි කීවේය.


ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට:


නුඹලා ලෙවීවරුන්ට දිය යුතුවූ නුවරවල් නම් මිනීමරන්නාට පලායාම පිණිස දෙන්නාවූ ආරක්ෂා නුවරවල් හයය. ඒවා ඇර තව නුවරවල් සතළිස් දෙකක් දෙන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයෙහි නුඹට උරුමවෙන්නාවූ නුඹේ උරුමයෙහි පුරාතනයන් විසින් නියමකළාවූ නුඹේ අසල්වාසියාගේ මායිම් ඉවත් නොකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්