Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 20:26 - Sinhala Revised Old Version

26 නුඹේ නග්නභාවය නොපෙනෙන පිණිස මාගේ පූජාසනයට පඩිවලින් නොනැගෙවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 තවද, නුඹලා මාගේ පූජාසනය වෙත යන විට නුඹලාගේ නග්න භාවය නොපෙනෙන පිණිස පඩිවලින් ඊට නොනැඟිය යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 තවද, නුඹලා මාගේ පූජාසනය වෙත යන විට නුඹලාගේ නග්න භාවය නොපෙනෙන පිණිස පඩිවලින් ඊට නොනැඟිය යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 20:26
8 හුවමාරු යොමු  

මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.


නුඹ දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලාගන්න; අඥානයන් මෙන් පූජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති.


උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.


එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.


ඔවුන්ගේ නග්නකම වසන පිණිස ඔවුන්ට හණ රෙදි කලිසම් සාදන්න; ඒවා ඉඟටිය පටන් කළවය දක්වා විය යුතුය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වන විට හෝ ශුද්ධ ස්ථානයෙහි සේවය කරන පිණිස පූජාසනයට ළංවන විට හෝ ඔවුන් අපරාධය දරා නොනසින පිණිස ඔවුන් ඒවා ඇඳගන සිටිය යුතුය. මේක ඔහුටද ඔහුට පසුව ඔහුගේ වංශයටද නිරන්තර පනතක් වන්නේය.


එහි සතර පැත්තේ පිළේ දිග රියන් දහහතරක්ය, එහි පළලත් දහහතරක්ය; එය වටකර තිබෙන ගැටිය රියන් භාගයක්ය; එය වටකර තිබෙන අඩිය රියනක්ය; ඒකේ පඩිය නැගෙනහිර දෙසටයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්