Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 2:20 - Sinhala Revised Old Version

20 ඒ මනුෂ්‍යයා කොහේද? ඔහු ඇරලා ආවේ මක්නිසාද? කෑම කන පිණිස ඔහුට අඬගසන්නැයි ඔහු තමාගේ දූවරුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එවිට ඔහු තම දූවරුන් අමතමින්, “ඒ මිනිසා කොහේ ද? නුඹලා ඔහු හැරදමා ආවේ මන් ද? කෑම කන පිණිස ඔහු කැඳවන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එවිට ඔහු තම දූවරුන් අමතමින්, “ඒ මිනිසා කොහේ ද? නුඹලා ඔහු හැරදමා ආවේ මන් ද? කෑම කන පිණිස ඔහු කැඳවන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 2:20
12 හුවමාරු යොමු  

තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය.


තමන් එහිදී කෑම කන්ට යන බව ඔව්හු අසා ඉරමුදුන් වේලාවේ යෝසෙප්ගේ ඊම වන තුරු තමන්ගේ තෑග්ග සූදානම්කර තැබුවෝය.


ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.


යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.


එවිට ඔහුගේ සියලු සහෝදරයෝද ඔහුගේ සියලු සහෝදරියෝද පළමු ඔහු ඇඳින සිටි සියල්ලෝද ඔහු ළඟට ඇවිත්, ඔහුගේ ගෙදර ඔහු සමඟ කෑම කා, ස්වාමීන්වහන්සේ ඔහුට පැමිණෙවු සියලු විපත්ති ගැන ඔහු සමඟ ශෝකවී, ඔහු සැනසුවෝය. එක් එක්කෙනා කෙසීටා [නම්] මිලයකුත් එක් එක්කෙනා රන් මුදුවකුත් ඔහුට දුන්නේය.


අමුත්තා රාත්‍රිය එළියේ පසු නොකෙළේය; ගමන්කාරයාට මාගේ දොරවල් ඇරියෙමි;


ඔබවහන්සේලාගේ සිත් ශක්තිමත් කරගන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නෙමි; පසුව ඔබවහන්සේලාට යත හැකිය. මක්නිසාද ඔබවහන්සේලා තමන් මෙහෙකරුවා වෙතට ආවේ ඒ පිණිසයයි කීය. ඔව්හුද: නුඹ කී ලෙස කරන්නැයි කීවෝය.


ලාබන් තමාගේ සහෝදරීගේ පුත්‍රවූ යාකොබ් ගැන ආරංචිය ඇසූ විට ඔහු සම්බවෙන්ට දිවගොස් ඔහු වැලඳගෙන සිඹ, ඔහු තමාගේ ගෙට කැඳවාගෙන ගියේය. ඔහු මේ සියලු කරුණු ලාබන්ට කීයේය.


ඔව්හුද: මිසරයේ මනුෂ්‍යයෙක් එඬේරුන්ගේ අතින් අප ගැළෙවුවේය. ඒ ඇර අපට වතුරත් ඇද දී සිව්පාවුන්ට පෙවුවේයයි කීවෝය.


මෝසෙස් ඒ මනුෂ්‍යයා සමඟ විසීමට සතුටුවිය. ඔහු තමාගේ දූවූ ශිප්පොරා මෝසෙස්ට පාවාදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්