Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 2:18 - Sinhala Revised Old Version

18 ඔවුන් තමන් පියවූ රූවෙල් වෙතට ආ කල: නුඹලා අද මෙපමණ වේලාසනින් ආවේ කොහොමදැයි ඔහු ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 තවද, ඒ දූවරුන් තම පියා වන රූවෙල් වෙත පැමිණි විට, ඔහු කතා කරමින්, “අද නුඹලා මෙතරම් ඉක්මනින් ආපසු ආවේ කෙසේ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 තවද, ඒ දූවරුන් තම පියා වන රූවෙල් වෙත පැමිණි විට, ඔහු කතා කරමින්, “අද නුඹලා මෙතරම් ඉක්මනින් ආපසු ආවේ කෙසේ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 2:18
7 හුවමාරු යොමු  

මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.


මෝසෙස් තමාගේ මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත්‍රවූ හොබාබ්ට කියනුයේ: මම නුඹලාට දෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කී ස්ථානයට අපි ගමන්කරමුව. අප සමඟ එන්න, අපි නුඹට යහපත කරන්නෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගැන යහපත කථාකර තිබේයයි කීවේය.


මෝසෙස් තමාගේ මාමා වූ යෙත්‍රෝ වෙතට හැරීගොස්: මිසරයෙහි සිටින මාගේ සහෝදරයෝ තවම ජීවත්ව සිටින්නෝදැයි බලන පිණිස ඔවුන් වෙතට හැරීයන්ට මට අවසර දුනමැනවියි කීයේය. සමාදානයෙන් යන්නැයි යෙත්‍රෝ මෝසෙස්ට කීවේය.


එහෙත් යමෙක් අපවිත්‍රවී තමාගේ දෝෂ පහකරනොගත්තොත්, ඒ තැනැත්තා ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය දූෂණයකළ බැවින්, සභා මධ්‍යයෙන් සිඳිනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු පිට නොඉසිනලද්දේය; ඔහු අපවිත්‍රය.


ඔව්හුද: මිසරයේ මනුෂ්‍යයෙක් එඬේරුන්ගේ අතින් අප ගැළෙවුවේය. ඒ ඇර අපට වතුරත් ඇද දී සිව්පාවුන්ට පෙවුවේයයි කීවෝය.


ඔහු කොතැන්හිදැයි ඔව්හු ඇසුවෝය. මම නොදනිමියි ඔහු කීවේය.‍


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්