Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 19:9 - Sinhala Revised Old Version

9 ස්වාමීන්වහන්සේද: බලව, මා නුඹ සමඟ කථාකරන කල සෙනඟ අසන පිණිසත් සෑම කල්හිම නුඹ කෙරෙහිද විශ්වාසකරන පිණිසත් ඝන වලාකුළකින් නුඹ වෙතට එමියි මෝසෙස්ට කීසේක. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේට දැන්නුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 19:9
25 හුවමාරු යොමු  

උන්වහන්සේ නුඹට උගන්වන පිණිස තමන්වහන්සේගේ හඬ අහසෙන් නුඹට ඇසෙන්ට සලස්වා, පොළොව පිට තමන්වහන්සේගේ මහත් ගින්න නුඹට දැක්වූසේක; උන්වහන්සේගේ වචනද ගින්න මැදින් නුඹට ඇසුණේය.


තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.


ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය.


වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.


සෙනඟ එසේ දුරින් සිටියෝය, මෝසෙස්ද දෙවියන්වහන්සේ සිටි ඝනාන්ධකාරය ළඟට පැමුණුණේය.


මෙසේ ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට කළ මහත් ක්‍රියාව ඉශ්‍රායෙල්වරු දුටුවාහුය, එබැවින් සෙනඟ ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද විශ්වාසකළෝය.


බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්.


නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි; නුඹලා එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක.


තවද වලාපටලයක් පැමිණ ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. එවිට: මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහුට ඇහුම් කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය.


මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, ස්වාමීන්වහන්සේ ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට එනසේක. මිසරයේ පිළිම උන්වහන්සේ ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.


එප්‍රායිම්ගේ ඉස නම් සමාරියේ, සමාරියය ඉස නම් රෙමලියාගේ පුත්‍රයාය. නුඹලා විශ්වාස නොකරන්නහු නම් සැබවින්ම නුඹලා ස්ථිර නොවන්නහුයයි ඔහුට කියන්නැයි කීසේක.


ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය.


එවිට සාලමොන් කථාකොට: තමන්වහන්සේ ඝනාන්ධකාරයෙහි වසනසේකැයි ස්වාමීන්වහන්සේ වදාළසේක.


එවිට සාලමොන් කථාකොට: තමන්වහන්සේ ඝනාන්ධකාරයෙහි වසනසේකැයි ස්වාමීන්වහන්සේ කීසේක.


ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙනුණු බව ඔවුන් විසින් විශ්වාස කරන පිණිස එසේ කරන්නැයි කීසේක.


සෙනඟද විශ්වාසකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් දෙස බැලූ බවද තමන්ගේ පීඩාව දුටු බවද ඇසූ කල හිස් නමා නමස්කාරකළෝය.


එවිට ස්වාමීන්වහන්සේ වලාකුළ ඇතුව බැස එහි ඔහු සමඟ සිට ස්වාමීන්වහන්සේගේ නාමය ප්‍රකාශකළසේක.


ස්වාමීන්වහන්සේ වලාටැඹකින් ඇවිත් කූඩාරමේ දොරකඩ සිට ආරොන්ට සහ මිරියාම්ට අඬගැසූ සේක.


උන්වහන්සේ වලා ටැඹින් ඔවුන්ට කථාකළසේක. ඔව්හු උන්වහන්සේගේ ශික්ෂා හා ඔවුන්ට දුන් පනත පැවැත්වූවෝය.


ඒවා නම්, ස්වාමීන්වහන්සේ මට කථාකොට: සෙනඟ මා ළඟට රැස්කරන්න, ඔවුන් භූමිය මතුපිට ජීවත්වෙන සියලු දවස්වල මට භය වෙන්ට ඉගෙනගන්නා පිණිසත් තමුන්ගේ දරුවන්ට උගන්වන පිණිසත් මාගේ වචන ඔවුන්ට ඇසෙන්ට සලස්වන්නෙමියි මට කීකල නුඹ හොරෙබ්හිදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටි දවසේදී වුණ දේවල්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්