Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 18:24 - Sinhala Revised Old Version

24 මෝසෙස් තම මාමාගේ බසට කන්දී ඔහු කී සියල්ල කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මෝසෙස් තම මාමණ්ඩි කී දේට සවන් දී ඔහු කී සියල්ල ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මෝසෙස් තම මාමණ්ඩි කී දේට සවන් දී ඔහු කී සියල්ල ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 18:24
10 හුවමාරු යොමු  

නුඹ මට ඕනෑ නැතැයි අතට කියන්ට ඇසටවත්, නුඹලා මට ඕනෑ නැතැයි පාදවලට කියන්ට හිසටවත් නුපුළුවන.


හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට


එවිට එස්රා නැගිට ඒ වචනයේ ප්‍රකාරයට කරන ලෙස පූජකයන්ගේද ලෙවීවරුන්ගේද සියලු ඉශ්‍රායෙල්වරුන්ගේද අධිපතීන් දිවුරෙවුවේය. ඔව්හු දිවුළෝය.


එවිට ඒලාම්ගේ පුත්‍රයෙක්වූ යෙහීයෙල්ගේ පුත්‍රවූ ෂෙකනියා එස්රාට උත්තරදෙමින්: අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකොට දේශයේ ජනයන්ගෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගතිමු. එසේ වුවත් ඉශ්‍රායෙල්ට මේ ගැන බලාපොරොත්තු තිබේ.


ඉතින් මාගේ හඬට ඇහුම්කන් දෙන්න, මම නුඹට දැනමුතුකම්දෙමි, දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක්වා. නුඹ සෙනඟ උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේ ඉදිරියට කාරණා පමුණුවන්න.


නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය.


මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද වශයෙන් සෙනඟ කෙරෙහි ප්‍රධානීන් කොට ඔවුන් පත්කෙළේය.


මම ඒ කාලයේදී නුඹලාට කථාකොට: තනියම නුඹලා දරන්ට නොහැක්කෙමි.


උන්වහන්සේ ඔවුන් සුරැකිකොට ගෙන ගිය බැවින් ඔව්හු භයනුවූවෝය. නුමුත් මුහුද ඔවුන්ගේ සතුරන් වසා ගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්