Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 17:4 - Sinhala Revised Old Version

4 මෝසෙස් ස්වාමීන්වහන්සේට මොරගසා: මේ සෙනඟ ගැන කුමක් කෙරෙම්ද? ඔව්හු මට ගල් ගසන්ට මෙන් සෑදී සිටිතියි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 17:4
11 හුවමාරු යොමු  

දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.


එහෙත් මුළු සභාව ගල්ගසා ඔවුන් මරන්ට කීහ. ස්වාමීන්වහන්සේගේ මහිමයද සම්මුඛවීමේ කූඩාරමේදී සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙනුණේය.


නුමුත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරු ඇවිත් සමූහයන් පොළඹවාගන, පාවුල්ට ගල්ගසා, ඔහු නැසුණේයයි සිතා නුවරින් පිටතට ඇද්දෝය.


යුදෙව්වරු උන්වහන්සේට ගසන්ට නැවතත් ගල් අතට ගත්තෝය.


එබැවින් ඔව්හු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ සැඟවී දේවමාළිගාවෙන් පිටවී ගියසේක.


මේ සියල්ල මාගේ අතින් නොසාදන ලද්දේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


කෝරාද ඔවුන්ට විරුද්ධව මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස් කෙළේය. එවිට ස්වාමීන්වහන්සේගේ තේජස මුළු සභාවට පෙනුණේය.


මෝසෙස් ස්වාමීන්වහන්සේට කියනුයේ: ඔබ මේ මුළු සෙනඟගේ බර මා පිට තැබීමෙන් ඔබගේ මෙහෙකරුවාට කුමක්නිසා අයහපත කළසේක්ද? ඔබගේ ඇස් හමුවෙහි මට කරුණාව නොපෙන්නුවේ මක්නිසාද?


ඔහු ස්වාමීන්වහන්සේට හඬ ගැසීය; ස්වාමීන්වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක, ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක, එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂාකොට:


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ කුමක්හෙයින් මට මොරගසන්නෙහිද? ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඉදිරියට යන්ට කියන්න.


උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්