Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 17:11 - Sinhala Revised Old Version

11 මෝසෙස් තමාගේ අත ඔසවා සිටි විට ඉශ්‍රායෙල්වරු ජයගත්තෝය. ඔහුගේ අත පහත හෙළූවිට අමලෙක්වරු ජයගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මෝසෙස් තමාගේ අත් ඔසවාගෙන සිටි තෙක් ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මෝසෙස් තමාගේ අත් ඔසවාගෙන සිටි තෙක් ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 17:11
8 හුවමාරු යොමු  

එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි.


එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.


මා යාච්ඤාකරන දවසේ මාගේ සතුරෝ ආපසු හැරී යන්නෝය. මෙය මම දනිමි, දෙවියන්වහන්සේ මාගේ පක්ෂයෙහිය.


තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්:


යෝෂුවා මෝසෙස් තමාට කී ලෙස කොට, අමලෙක්වරුන් සමඟ සටන් කෙළේය. මෝසෙස්ද ආරොන්ද හූර්ද හෙළ මුදුනට ගියෝය.


එහෙත් මෝසෙස්ගේ අත් බරවුණේය; එවිට ඔව්හු ගලක් රැගෙන ඔහුට යටින් තැබුවෝය, ඔහු ඒ පිට හිඳගත්තේය; ආරොන් සහ හූර් දෙපැත්තෙන් සිට ඔහුගේ අත් උසුලා සිටියෝය; එවිට ඔහුගේ අත් ඉර බස්නාතෙක් ස්ථිරව තිබුණේය.


මක්නිසාද යෝෂුවා හෙල්ලය දිගුකළ තමාගේ අත හායිහි සියලු වැසියන් මුළුමනින්ම විනාශකර දමන තුරු පස්සට නොගත්තේය.


මක්නිසාද මාගේ දුන්න විශ්වාස නොකරන්නෙමි, මාගේ කඩුවද මා නොගළවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්