Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 16:26 - Sinhala Revised Old Version

26 එහෙත් සත්වෙනි දවස සබතය, ඒ දවසෙහි එයින් කිසිවක් නොතිබේයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 දින හයක් ඔබ එය රැස් කරගත යුතු ය. එහෙත්, සබත් දින වන හත් වන දින ඒ කිසිවක් නොතිබේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 දින හයක් ඔබ එය රැස් කරගත යුතු ය. එහෙත්, සබත් දින වන හත් වන දින ඒ කිසිවක් නොතිබේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 16:26
6 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ සබත් දවසේදී සුවකළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා කෝපව, සමූහයාට උත්තරදෙමින්: වැඩකළ යුතුවූ සදවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිත් සුවය ලබාගන්නැයි කීවේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නැගෙනහිර දෙස තිබෙන ඇතුල් මළුවේ දොරටුව වැඩකරන දවස් හයේ වසා තිබිය යුතුය; නුමුත් සබත් දවසේද අමාවක දවසේද ඇර තිබෙන්නේය.


සදවසක් වැඩකරමින් නුඹේ සියලු වැඩකර්මාන්ත කරගනුව.


මෝසෙස්: අද ඒවා කන්න; මක්නිසාද අද ස්වාමීන්වහන්සේට පවත්වන සබතය. අද ඒවා කෙතෙහි සම්බනොවන්නේය. සදවසක් ඒවා රැස්කරන්න;


තවද සෙනඟ අතරෙන් සමහරෙක් සත්වෙනි දවසෙහි රැස්කරගන්ට පිටතට ගිය නුමුත් කිසිවක් නොලැබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්