Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 16:15 - Sinhala Revised Old Version

15 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දැක කිමෙක්දැයි නොදැන: මේ මොනවාදැයි එකිනෙකාට කීවෝය. එවිට මෝසෙස්: මේ වනාහි කෑම පිණිස ස්වාමීන්වහන්සේ නුඹලාට දුන් රොටිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මෙය දුටු ඉශ්රායෙල් ජනයා එකිනෙකාට කතා කරමින්, “මෙය කුමක් දැ”යි විචාළාහ. මන්ද, ඒ කුමක් ද කියා ඔවුන් නොදත් බැවිනි. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ ඔබට අනුභව කිරීමට දුන් ආහාරය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මෙය දුටු ඉශ්රායෙල් ජනයා එකිනෙකාට කතා කරමින්, “මෙය කුමක් දැ”යි විචාළාහ. මන්ද, ඒ කුමක් ද කියා ඔවුන් නොදත් බැවිනි. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ ඔබට අනුභව කිරීමට දුන් ආහාරය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 16:15
19 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: බලව, ඔව්හු මාගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නෝද නැද්දැයි පරීක්ෂාකරන පිණිස ස්වර්ගයෙන් නුඹලා උදෙසා ආහාර වස්වන්නෙමි; සෙනඟ පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස්කරගනිත්වා.


ස්වර්ගයෙන් බැස ආවාවූ කෑම මේය. පියවරුන් කාලා මැරුණාක්මෙන් නොව, මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත්වන්නේයයි කීසේක.


ඉශ්‍රායෙල් වංශය ඒවාට මන්නා යන නාමය තැබූහ. ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි.


උන්වහන්සේ නුඹ යටත්කොට, නුඹ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් නුඹට දන්වාදෙන පිණිස, නුඹ දැනනොගෙන සිටියාවූ නුඹේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් නුඹ පෝෂණයකළසේක.


සියල්ලන්ම එම ආත්මික කෑම කෑ බවත්,


ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබගේ යහපත් ආත්මය ඔබ දුන්සේක, ඔවුන්ගේ මුඛයෙන් ඔබගේ මන්නා ඔබ අහක්කර නොගත්සේක, ඔවුන්ගේ පිපාසයටද ඔබ ඔවුන්ට වතුර දුන්සේක.


ඔවුන්ගේ බඩගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට කෑම දුන්සේක, ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්මෙවුසේක, ඔබ ඔවුන්ට දෙන ලෙස ඔබගේ අත ඔසවා දිවුළ දේශය හිමිකරගැනීමට ඇතුල්වෙන්ට කියාද ඔවුන්ට අණකළසේක.


දේශයේ ධාන්‍යයෙන් ඔවුන් කෑවාට පසුවදා මන්නා නැවතුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තවත් මන්නා නොලැබුණේය; එහෙත් ඔව්හු කානාන් දේශයේ භෝග ඵල ඒ අවුරුද්දේ කෑවෝය.


නුඹලාගේ පියවරු වනයේදී මන්නා කෑවෝය, නුමුත් ඔව්හු මළෝය.


නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:


සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.


මෝසෙස් ආරොන්ට කථාකොට: භාජනයක් රැගෙන මන්නාවලින් ඕමෙරයක් පුරවා නුඹලාගේ පරම්පරාවන් උදෙසා ප්‍රවේසම්ව තිබෙන පිණිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබන්නැයි කීවේය.


ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි.


එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය.


මක්නිසාද මේ සියල්ල ලෝකයේ ජාතීහු සොයති. මේ දේවල් නුඹලාට වුවමනා බව නුඹලාගේ පියාණන්වහන්සේ දන්නාසේක.


එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න.


කෑම පිණිස මන්නා වස්වමින්, ස්වර්ග ශස්‍යයෙන් ඔවුන්ට දුන්සේක.


ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්