Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 14:4 - Sinhala Revised Old Version

4 මම ඵාරාවෝගේ සිත දැඩිකරන්නෙමි, ඔහු ඔවුන් ලුහුබැඳ එන්නේය; මම ඵාරාවෝ සහ ඔහුගේ මුළු සේනාව කරණකොටගෙන ගෞරව ලබන්නෙමි; මිසරවරු මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෝයයි කීසේක. ඔව්හු එසේ කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත්, පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනතාව එලෙස ම කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත්, පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනතාව එලෙස ම කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 14:4
36 හුවමාරු යොමු  

මක්නිසාද: නුඹ කෙරෙහි මාගේ බලය පෙන්වා මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවන පිණිසම නුඹ නැගිටවීමියි ලියවිල්ලේ ඵාරාවෝට කියා තිබේ.


මම මිසරය පිටට මාගේ අත දිගුකොට ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන් අතරෙන් පිටතට ගෙනෙන කල්හි මා ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.


මම ඵාරාවෝගේ සිත දැඩිකොට මාගේ ලකුණුද හාස්කම්ද මිසර දේශයෙහි වැඩිකරන්නෙමි.


සැබවින් මා විසින් නුඹ ආරක්ෂාකළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.


මෙයින් මා ස්වාමීන්වහන්සේ බව ඔබ දැනගන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. මෙන්න, මා අත තිබෙන සැරයටියෙන් ගංගාවේ තිබෙන සියලුම වතුරවලට ගසන්නෙමි, ඒවා ලේ වන්නේය.


කලින් ලියා තිබෙන ලෙස දෙවියන්වහන්සේ අද දවස දක්වාම ඔවුන්ට නිදිමතකමේ ආත්මයක්ද නොපෙනෙන ඇස්ද නොඇසෙන කන්ද දුන්සේක.


එසේය, දේශයේ මුළු සෙනඟ ඔවුන් වළලන්නෝය; එය වනාහි මා ගෞරවයට පැමිණෙන කාලයේදී ඔවුන්ට කීර්තියක් වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–එම්බා ශීදොන්, මම නුඹට විරුද්ධයෙමි; නුඹ ඇතුළෙහි ගෞරව ලබන්නෙමි. මා ඈ කෙරෙහි විනිශ්චයන් ඉෂ්ටකොට, මා පිරිසිදු බව ඇය කරණකොටගෙන පෙන්නූ කල්හි, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


නුමුත් ඔවුන් වට කර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලහෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි. මක්නිසාද ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්ට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට ප්‍රකාශවුණෙමි.


ඵාරාවෝද ඔහුගේ සියලු සේවකයන්ද ඔහුගේ දේශයේ මුළු සෙනඟද කෙරෙහි ලකුණු හා ආශ්චර්ය කර වදාළසේක; මක්නිසාද ඔවුන්ට විරුද්ධව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගන සිටිසේක; ඔබද අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවා ගත්සේක.


ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් බව දැන් දනිමි. එසේය, ඔවුන් උඩඟු ලෙස මොවුන්ට විරුද්ධව හැසුරුණු කාරණයේදී උන්වහන්සේ එසේම වූසේකැයි කීයේය.


ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය.


මෙසේ උන්වහන්සේ කැමති කෙනෙකුට දයාවනසේක, කැමති කෙනෙකු දැඩිකරනසේක.


එහෙත් ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ හිත දැඩිකළසේක, ඔහු ඔවුන් යන්ට හරින්ට නොකැමැතිවිය.


ඵාරාවෝද: ඔව්හු දේශයෙහි මංමුළාවී සිටිති, ඔව්හු කාන්තාරයට අසුවී සිටිතියි ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැන කියනවා ඇත.


සෙනඟ පලාගිය බව මිසරයේ රජුට දන්වනලද්දේය. එවිට ඵාරාවෝ සහ ඔහුගේ මෙහෙකරුවන්ගේ සිත් සෙනඟට විරුද්ධව වෙනස්වී ඉශ්‍රායෙලිතයන් අපට මෙහෙකිරීමෙන් යන්ට හැර අප විසින් කළේ මොන ක්‍රියාවක්දැයි ඔව්හු කීවෝය.


මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අශ්වයෝද ඔහුගේ රථද ඔහුගේ අසරුවෝද ලුහුබඳවා ඔවුන් පස්සේ මුහුද මැදට ගියෝය.


උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය.


එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.


මා විසින් මිසර දේශය පාළුකර, නාස්තියක් කොට, දේශය ඒකේ පූර්ණකමෙන් හිස්වෙන්ට සලස්වන කලද එහි සියලු වැසියන්ට මා පහරදෙන කලද මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹලා මාගේ සෙනඟ කොට පිළිගෙන නුඹලාට දෙවිකෙනෙක් වන්නෙමි. මෙසේ මම මිසරවරුන්ගේ බරවලින් නුඹලා පිටතට ගෙනෙන නුඹලාගේ දෙවිවූ යෙහෝවඃවහන්සේ බව නුඹලා දැනගන්නහුය.


මිසරයට මා කළ දේ සහ ඔවුන් අතරේ දැක්වූ මාගේ ලකුණු කුමක්දැයි නුඹේ පුත්‍රයාටත් නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාටත් ඇසෙන පරිද්දෙන් නුඹ විසින් කියාදෙන පිණිසත් මම ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිසත්යයි කීසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.


මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් සමඟ යුද්ධ කරන්ට පැමිණීමට ඔවුන්ගේ සිත් දැඩිකර ගැනීම ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු කාරණයක්ය. මෙසේ වුණේ ඔවුන්ට කරුණානොකර, ඔවුන් මුළුමනින්ම විනාශකර දමා, ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ පරිදි ඔහු විසින් ඔවුන් සිඳදමන පිණිසය.


මම යාබින්ගේ සේනාවේ අධිපතියාවූ සිසෙරාද ඔහුගේ රථද සමුදාවද කීෂොන් ඔය ළඟ නුඹ වෙතට රැස්කර ඔහු නුඹ අතට පාවා දෙන්නෙමියි කියාත් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළා නොවේදැයි කීවාය.


නුඹ දේශය වසාගැනීමට වලාකුළක් මෙන් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට විරුද්ධව නැගී එනවා ඇත; එය මතු දවස්වලදී සිදුවන්නේය. එම්බා ගොග්, මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන ජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල, ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ මාගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි.


මෙසේ මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා, මා ස්වාමීන්වහන්සේ බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්