Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 14:13 - Sinhala Revised Old Version

13 මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 14:13
36 හුවමාරු යොමු  

යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය.


ඔහු කථාකොට: සියලු යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝෂාපාට් රජ්ජුරුවෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ නුඹලාට මෙසේ කියනසේක–මේ මහත් සමූහයා නිසා භයනොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවියන්වහන්සේගේය.


මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසෙහි මිසරවරුන් අතින් ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක; මිසරවරුන් මුහුදු වෙරළේ මැරී සිටිනවා ඉශ්‍රායෙල්වරු දුටුවෝය.


ඔහුද: භයනොවන්න. මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීවේය.


භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියන්න.


ස්වාමීන්වහන්සේගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.


නුමුත් මම මිසර දේශයේ පටන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේව සිටිමි; මා ඇර අන්‍ය දෙවි කෙනෙකු ඇඳින නොගන්න, මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.


ඔබගේ සෙනඟගේ ගැළවීම පිණිසත් ඔබගේ අභිෂේකලත් තැනැත්තා ගැළවීමටත් ඔබ පිටත්ව ගොස්, දුෂ්ටයාගේ වංශයේ ප්‍රධානියා පොඩිකර, බෙල්ල දක්වාම අත්තිවාරම ඇරියසේක.


මම, මමම, ස්වාමීන්වහන්සේය; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.


ඉශ්‍රායෙල්වරුනි, අසන්න, නුඹලා අද නුඹලාගේ සතුරන්ට විරුද්ධව සටනට ළංවෙනවාය. නුඹලාගේ සිත් ක්ලාන්ත නොවේවා; ඔවුන් නිසා භය නොවන්න, වෙවුලමින් තැති නොගන්න.


ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.


ස්වාමීනි, ඔබගේ ගැළවීම ගැන බලාසිටියෙමි.


සැබවින්ම හෙල්ද කඳු රාශියද කෙරෙහි විශ්වාසකිරීම නිෂ්ඵලය. සැබවින්ම ඉශ්‍රායෙල්ගේ ගැළවීම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ තිබේ


තවද මිසරයේදී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටුසේක, රතු මුහුද ළඟදී ඔවුන්ගේ මොරගැසීමද ඔබ ඇසූසේක;


මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.


ගැළවීම ස්වාමීන්ට අයිතිය. ඔබගේ ආශීර්වාදය ඔබගේ සෙනඟ කෙරෙහි වේවා.


ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.


දේවදූතයා ඒ ස්ත්‍රීන්ට කථාකරමින්: භය නොවෙන්න; මක්නිසාද කුරුසියෙහි ඇණ ගසනලද යේසුස්වහන්සේව නුඹලා සොයන බව දනිමි.


මක්නිසාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක්: හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන නුඹලා ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාසකිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේයයි කීසේක. නුමුත් නුඹලා අකැමැතිවී කථාකොට:


ඔව්හු ඒ බිම මැද සිට එය ආරක්ෂාකරගන පිලිස්තිවරුන් මැරුවෝය; ස්වාමීන්වහන්සේ මහත් ජයක් ලබාදී ඔවුන් ගැළවූසේක.


ස්වාමීන්වහන්ස, ඔබගේ උදහස ගංගාවලට විරුද්ධව ඇවුළුණේද? එය ගංගාවලට විරුද්ධව තිබුණේද? ඔබගේ අසුන් පිටද ගැළවීම නැමති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ ඔබගේ කෝපය මුහුදට විරුද්ධව තිබුණු නිසාද?


අනේ ඉශ්‍රායෙල්, නුඹ විනාශයට පැමිණ සිටින්නේ නුඹේ ආධාරකාරයා වන මට විරුද්ධව සිටීමෙන්ය.


එවිට උන්වහන්සේ: මම දෙවියන්වහන්සේය, නුඹේ පියාගේ දෙවියන්වහන්සේය. මිසරයට යන්ට භයනොවව; කුමක්හෙයින්ද මම එහිදී නුඹ මහත් ජාතියක් කරන්නෙමි.


මෝසෙස්ද: භය නොවන්න. නුඹලා සෝදිසිකරන පිණිසද නුඹලා උන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිට පව්නොකරන පිණිසද දෙවියන්වහන්සේ ආසේකැයි සෙනඟට කීය.


සාවුල්ද: අද දවසේ කිසිවෙක් මරණයට පත්කරනු නොලැබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල්හි ගැළවීමක් ඉෂ්ටකළසේකැයි කීවේය.


එබැවින් දැන් නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාගේ ඇස් හමුවෙහි කරන්ට යන මේ මහත් දෙය බලන්න.


නුඹ භය නොවී නිශ්චලව සිටින්ට බලාගන්න; දුම්නගින ඒ ගිනිපෙනෙලි දෙකෙළවරවූ රෙශීන් සහ සිරියවරුන්ගෙත් රෙමලියාගේ පුත්‍රයාගෙත් තද කෝපය නිසා නුඹේ සිත දුර්වල නොවේවා.


එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද නුඹ සමඟ සිටිමි, මම නුඹට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා නුඹේ වංශය වැඩිකරන්නෙමියි කීසේක.


නුමුත් දෙවියන්වහන්සේ තමන්ගේ සතුරන්ගේ හිස, එනම් තමාගේ වරදෙහි නිතර පවතින්නාගේ කේස සහිතවූ මුදුන පොඩිකරනසේක.


උන්වහන්සේ ඔවුන් සුරැකිකොට ගෙන ගිය බැවින් ඔව්හු භයනුවූවෝය. නුමුත් මුහුද ඔවුන්ගේ සතුරන් වසා ගත්තේය.


නුඹේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.


නුමුත් මම යූදා වංශයට අනුකම්පාකොට, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කරණකොටගෙන ඔවුන් ගළවන්නෙමි, දුන්නවත් කඩුවවත් යුද්ධයවත් අශ්වයන්වත් අසරුවන්වත් කරණකොටගෙන මම ඔවුන් නොගළවන්නෙමියි ඔහුට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්