Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 14:10 - Sinhala Revised Old Version

10 ඵාරාවෝ ළංවූ කල්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමන්ගේ ඇස් ඔසවා මිසරවරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් භයවූවෝය. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 14:10
23 හුවමාරු යොමු  

එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් මුදාගත්සේක.


ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.


තවද මිසරයේදී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටුසේක, රතු මුහුද ළඟදී ඔවුන්ගේ මොරගැසීමද ඔබ ඇසූසේක;


ඔවුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල උන්වහන්සේ නුඹලාටත් මිසරවරුන්ටත් අතරේ අන්ධකාරය තබා, මුහුද ඔවුන් පිටට පමුණුවා, ඔවුන් වසාදැමූසේක; මා විසින් මිසරයේදී කළ දේ නුඹලාගේ ඇස්වලින් දුටුවහුය. ඇරත් කාන්තාරයෙහි නුඹලා බොහෝ දවස් වාසයකළහුය.


එසේ වී නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම අසා, ඔවුන්ගේ විපත්තිය බැලූසේක.


භයක් නැති තැනදී ඔව්හු බොහෝසෙයින් භයපත්වූවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ නුඹට විරුද්ධව කඳවුරු බැඳගත් තැනැත්තාගේ ඇට විසිරවූසේක; දෙවියන්වහන්සේ ඔවුන් එපාකළ නිසා නුඹ ඔවුන් ලජ්ජාවට පත් කෙළෙහිය.


රථාධිපතීහු යෙහෝෂාපාට් දුටු විට: මොහු ඉශ්‍රායෙල් රජය කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට ඔහු වටකරගත්තෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය, ස්වාමීන්වහන්සේ ඔහුට පිහිටවී ඔහු වෙතින් ඔවුන් අහක්කෙරෙවුසේක.


ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි.


අහෝ ලෙබනොන්හි වාසයකරමින් කිහිරි ගස්වල කැදැල්ල තබන තැනැත්තිය, වේදනා එනම් බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් රුජාව නුඹට පැමිණෙන විට නුඹ කොපමණ කාලකණ්ණි නොවන්නෙහිද?


ස්වාමීන්වහන්ස, විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය.


සිරියවරුන් එප්‍රායිම්හි සිටින බව දාවිත්ගේ වංශයට දන්වන ලද්දේය. එවිට රජුගේ සිතද ඔහුගේ සෙනඟගේ සිතද වනයේ ගස් හුළඟට සෙලවෙන්නාක්මෙන් චංචලවුණේය.


එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක.


එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවනසේක.


එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගැළෙවුසේක.


ඔහු ස්වාමීන්වහන්සේට හඬ ගැසීය; ස්වාමීන්වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක, ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක, එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂාකොට:


නුඹ කාන්තාරයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස් කළ හැටි සිහිකරන්න, මතක නැති නොකරන්න. නුඹ මිසර දේශයෙන් පිටත්වුණ දා පටන් මේ ස්ථානයට පැමිණෙන තෙක් නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.


විපතේදී නුඹ අඬගැසුවෙහිය, මම නුඹ මිදුවෙමි; ගර්ජනාවේ රහස් තැනදී නුඹට උත්තර දුනිමි; මෙරිබාහි වතුර ළඟදී නුඹ පරීක්ෂා කෙළෙමි.


තවද ඵාරාවෝ සෙනඟ යන්ට හැරිය කල්හි පිලිස්තිවරුන්ගේ දේශය මැදින් යාම කිට්ටු නුමුත් දෙවියන්වහන්සේ ඒ මාර්ගයෙන් ඔවුන් ගෙන නොගියසේක; මක්නිසාද: සෙනඟ යුද්ධය දැක සමහරවිට පසුතැවිලිව මිසරයට හැරී නොයන පිණිසයයි දෙවියන්වහන්සේ කීසේක.


මා විසින් නුඹලාගේ පියවරුන් මිසරයෙන් පිටතට ගෙනා කල නුඹලා මුහුද ළඟට ආවහුය; මිසරවරු රථ සහ අසරුවන් ඇතුව නුඹලාගේ පියවරුන් පස්සේ එළවාගන රතු මුහුද දක්වා ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්