Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:9 - Sinhala Revised Old Version

9 එයින් අමුවෙන්වත් කිසිසේත් වතුරෙන් තම්බාවත් නොකා උගේ හිසද කකුල්ද අභ්‍යන්තර කොට්ඨාස සමඟ ගින්නෙන් පුළුස්සා කන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඉන් කිසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතු ය. උගේ හිස, කකුල්, බොකු හා මාංසය මඳ ගින්නේ බදින්නට උවමනා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඉන් කිසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතු ය. උගේ හිස, කකුල්, බොකු හා මාංසය මඳ ගින්නේ බදින්නට උවමනා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:9
7 හුවමාරු යොමු  

ඔව්හු ගින්නෙන් පුළුස්සනලද ඒ මාංසයද මුහුන් නුමුසු රොටිද ඒ රාත්‍රියේදී කන්නෝය; තික්ත පලා සමඟ ඒවා කන්නෝය.


තවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී ඒක පුලුස්සා කා, උදය නුඹේ කූඩාරම්වලට හැරී යන්න.


උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි. උන්වහන්සේ මාගේ පාදවලට දැලක් හෙළූසේක, මා පස්සට හැරවූසේක; මා පාළුවක්ද දවස මුළුල්ලේ බෙලහීනයෙක්ද කළසේක.


අතුණු වසා තිබෙන තෙල් සියල්ලද අක්මාව පිට තිබෙන දැලද වකුගඩු දෙකද එහි තිබෙන තෙල්ද රැගෙන පූජාසනය පිට දවන්න.


බැටළුවා උගේ කොටස්වලට කපා උගේ අතුණුද කකුල්ද සෝදා ඒවා උගේ කොටස්ද උගේ ඉසද සමඟ තබන්න.


එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.


ඔව්හු පාස්කුව ව්‍යවහාරය ලෙස ගින්නෙන් පුලුස්සා, ශුද්ධවූ අනික් ඒවා ඇතිලිවලද කටාරම්වලද හැළිවලද තම්බා, ඉක්මනින් මුළු සෙනඟට ගෙනැත් දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්