Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 10:7 - Sinhala Revised Old Version

7 ඵාරාවෝගේ මෙහෙකරුවෝ: මේ මනුෂ්‍යයා කොතෙක් කල් අපට මල පතක් වන්නේද? ඒ මනුෂ්‍යයන් තමන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන පිණිස යන්ට හැරිය මැනවි. මිසරය විනාශවී තිබෙන බව ඔබ තවම නොදන්නෙහිදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එවිට පාරාවෝගේ නිලධාරීහු ඔහු අමතමින්, “මේ මිනිසා කෙතරම් කාලයක් අපට හිරිහැර කරන්න යන්නේ ද? ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන පිණිස සෙනඟට යන්න හරින්න, මිසරය වැනසී යන බව ඔබ නොදන්නෙහි දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එවිට පාරාවෝගේ නිලධාරීහු ඔහු අමතමින්, “මේ මිනිසා කෙතරම් කාලයක් අපට හිරිහැර කරන්න යන්නේ ද? ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන පිණිස සෙනඟට යන්න හරින්න, මිසරය වැනසී යන බව ඔබ නොදන්නෙහි දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 10:7
16 හුවමාරු යොමු  

සාවුල් ඊට ප්‍රසන්නවී කථාකොට: පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටෙන පරිද්දෙන් ඔහුට ඈ මලපතක් වෙන පිණිස ඈ ඔහුට දෙන්නෙමියි කීවේය. එබැවින් සාවුල් දෙවෙනි වතාවට දාවිත්ට කථාකොට: නුඹ අද මාගේ බෑනාවෙන්ට ඕනෑයයි කීවේය.


එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවී යන තුරු, ඔවුන් නුඹලාට මලපතක්ද උගුලක්ද නුඹලාගේ ඇලපත්වලට කසයක්ද නුඹලාගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.


මට විරුද්ධව පව්කරන්ට ඔවුන් නුඹ නොසලස්වන පිණිස ඔවුන් නුඹේ දේශයෙහි වාසයකරන්ට ඔවුන්ට ඉඩ නොදෙන්න. මක්නිසාද නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට මෙහෙකරන්නෙහිනම් සැබවින්ම ඒක නුඹට මලපතක් වන්නේයයි කීසේක.


මා මෙසේ කියන්නේ නුඹලාට මලපතක් තබන පිණිස නොව, සුදුසු දේ සඳහාත්, නුඹලා වියවුල් නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි යෙදීසිටින පිණිසත්, නුඹලාගේම ප්‍රයෝජනයටය.


ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; උන්වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද උන්වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, පමුණුවනසේක.


බබිලෝනිය හදිසියෙන් වැටී විනාශවූවාය. ඈ ගැන කෑමොරගසන්න; ඈට සුවවේදෝ කියා බලන පිණිස ඇගේ තුවාලයට ගුගුල් ගෙනෙන්න.


මෝවබ් කඩාදමනු ලැබුවාය; ඇගේ බාලයෝ කෑගැසීමක් පැවැත්තුවෝය.


එම්බා ස්වාමීන්වහන්සේගේ හස්තය, පිබිදෙන්න, පිබිදෙන්න, බලය පැළඳගන්න; ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කෑලිකොට කැපුවෙත් දීර්ඝයා ඇනදැමුවෙත් නුඹ නොවේද?


නුඹ නුඹේ දේශය නාස්තිකොට, නුඹේ සෙනඟ මරාදැමූ බැවින්, ඔවුන් සමඟ වළලනු නොලබන්නෙහිය; නපුර කරන්නන්ගේ වංශය කවදාවත් සඳහන්කරනු නොලබන්නේය.


නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත. එහෙත් ධර්මිෂ්ඨයා ගීතිකා කියමින් සන්තෝෂවෙයි.


වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක.


එවිට මායාකාරයෝ: මේක දෙවියන්වහන්සේගේ ඇඟිල්ලයයි ඵාරාවෝට කීවෝය. ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට කන් නුදුන්නේය.


මම මිසරය පිටට මාගේ අත දිගුකොට ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන් අතරෙන් පිටතට ගෙනෙන කල්හි මා ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.


මිසරවරු: අපි සියල්ලෝම මළ තැනැත්තෝ වමුව කියා සෙනඟ දේශයෙන් ඉක්මනින් යවන පිණිස ඔවුන්ට බලකළෝය.


එබැවින් ඔව්හු පණිවිඩ යවා පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස්කර: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප හා අපේ සෙනඟ නාස්තිනොකරන පිණිස එය ස්වකීය ස්ථානයට හැරී යන්ට යවන්නැයි කීවෝය. මක්නිසාද නුවර මුළුල්ලෙහි මරණීය කැලඹීමක් හටගත්තේය; දෙවියන්වහන්සේගේ හස්තය එහි ඉතා බරව තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්