Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 10:21 - Sinhala Revised Old Version

21 එකල්හි ස්වාමීන්වහන්සේ: අන්ධකාරය එනම් අතගා බලන්ට හැකිතරම් අන්ධකාරය මිසර දේශය පිටට පැමිණෙන පිණිස නුඹේ අත අහස දෙසට දිගුකරන්නැයි මෝසෙස්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අහස දෙසට අත දිගු කරන්න. එවිට අන්ධකාරයක් - අතගා බලන්න හැකි තරම් ඝනාන්ධකාරයක්, මිසර දේශය වසාගන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අහස දෙසට අත දිගු කරන්න. එවිට අන්ධකාරයක් - අතගා බලන්න හැකි තරම් ඝනාන්ධකාරයක්, මිසර දේශය වසාගන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 10:21
23 හුවමාරු යොමු  

තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානය අත්හැරියාවූ දේවදූතයන්ද උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ තැබූසේක.


ඔව්හු වතුර නැති උල්පත්ය, තද සුළඟින් ගසාගනයන මීදුම්ය; ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම ඉතුරුකර තබා තිබේ.


මක්නිසාද දේවදූතයන් පව්කළ විට දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර නෑර, විනිශ්චය පිණිස ඉතිරිකොට තැබීමට නිරයෙහි හෙළා අන්ධකාරයේ ගුහාවලට භාරදුන්සේක් නම්,


ඒ වේලාව සවෙනි පැය පමණ විය, ඉර එළිය නැතිවී, නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය.


හවෙනි පැය පැමුණුණ විට, නවවෙනි පැය දක්වා රට මුළුල්ලේ අන්ධකාරයක් විය.


සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය.


දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමූ කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.


උන්වහන්සේ අන්ධකාරය යවා එය අඳුරුකළසේක; ඔව්හු උන්වහන්සේගේ වචනයට විරුද්ධව කැරළි නොගැසුවෝය.


අන්ධයා අඳුරෙහි අතගගා යන්නාක් මෙන් නුඹ ඉර මුදුන් වේලාවෙහි අතගගා යන්නෙහිය, නුඹේ මාර්ගවලදී නුඹ සඵලනොවන්නෙහිය. නුඹ ගළවන්ට කිසිවෙකු නැතුව නුඹ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නෙහිය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මිසර දේශය මුළුල්ලෙහි මනුෂ්‍යයන් පිටටත් මෘගයන් පිටටත් මුළු මිසර දේශයෙහි කෙතේ සියලු පලා ජාති පිටටත් ගල් වර්ෂාව වසින පිණිස අහස දෙසට නුඹේ අත දිගුකරන්නැයි කීසේක.


ඔව්හු ස්වකීය ලජ්ජාව නමැති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාවයන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ.


මක්නිසාද එය නිෂ්ඵල ලෙස පැමිණ අන්ධකාරයට යයි, ඒකේ නමද අන්ධකාරයෙන් වසනු ලබන්නේය;


ප්‍රඥාවන්තයාගේ ඇස් ඔහුගේ හිසේය, අඥානයා අන්ධකාරයෙහි ඇවිදින්නේය. එහෙත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ම බව දැනගතිමි.


උන්වහන්සේ විපත්ති දායක දූත සමූහයක් වන දැඩි රෝෂය සහ උදහසත් කෝපය සහ දුකත් ඔවුන් පිට හෙළූසේක.


ඔවුන්ගේ මාර්ගය අඳුරුව ලිස්සන්නේවේවා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් ලුහුබදීවා.


සතරවෙනි දේවදූතයාද පිම්බේය, එවිට ඉරෙන් තුනෙන් පංගුවක්ද හඳනේ තුනෙන් පංගුවක්ද තාරකාවලින් තුනෙන් පංගුවක්ද පහර ලැබුවේය; මෙසේ වුණේ ඒවායින් තුනෙන් පංගුවක් අඳුරුවන පිණිසත් දවාලෙන් තුනෙන් පංගුවක් නොබැබළෙන පිණිසත්ය, රාත්‍රියත් එසේමය.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ ආරොන්ට මෙසේ කියන්න–නුඹේ සැරයටිය ගෙන මිසරවරුන්ගේ ගංගාද ඔවුන්ගේ ඇළ දොළවල්ද ඔවුන්ගේ විල්ද ඔවුන්ගේ සියලු දිය පොකුණුද ලේ වන පිණිස මිසරයේ ජලය කෙරෙහි අත දිගුකරන්න; මුළු මිසර දේශයෙහි ලී භාජනවලත් ගල් භාජන වලත් ලේ ඇතිවන්නේයයි කීසේක.


මා විසින් නුඹ නිවන කල, අහස වසා, එහි තාරකා අඳුරුකර, වලාකුළකින් ඉර වසන්නෙමි, සඳත් එහි එළිය නොදෙන්නේය.


නුඹලාට පෙරටුව යන්නාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලා උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම නුඹලා උදෙසා යුද්ධකරනවා ඇත.


නොහොත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයේදී නුඹලාගේ ඇස් ඉදිරියෙහි නුඹලා උදෙසා කළ සියල්ල ලෙස වෙන යම් දෙවිකෙනෙක් ඇවිත් පරීක්ෂණවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද යුද්ධයෙන්ද බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකම්වලින්ද එක ජාතියක් වෙන ජාතියක් මධ්‍යයෙන් තමන්ට ගන්ට හැදුයේද?


ඔව්හු දවාලේදී අන්ධකාරයට අසුවී, රාත්‍රියෙහි මෙන් ඉරමුදුන් වේලේදී අතගගා යති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්