Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 10:11 - Sinhala Revised Old Version

11 එසේ නොවේ. නුඹලාගේ පිරිමි පක්ෂය ගොස් ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න; මක්නිසාද නුඹලාගේ ඉල්ලීම ඒකයයි ඔවුන්ට කීවේය. තවද ඔව්හු ඵාරාවෝ ඉදිරියෙන් පන්වනලද්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඊට ඉඩ නොදෙනු ඇත. දැන් ඉතින් නුඹලා පිරිමි පක්ෂය ගොස් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. නුඹලාට උවමනා කෙළේ එය නොවේ ද” කියා තමා වෙතින් ඔවුන් පන්නාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඊට ඉඩ නොදෙනු ඇත. දැන් ඉතින් නුඹලා පිරිමි පක්ෂය ගොස් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. නුඹලාට උවමනා කෙළේ එය නොවේ ද” කියා තමා වෙතින් ඔවුන් පන්නාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 10:11
5 හුවමාරු යොමු  

ඵාරාවෝ: මා කෙරෙන් යන්න; තවත් මාගේ මුහුණ නොදක්නට බලාගන්න; මක්නිසාද මාගේ මුහුණ දක්නාවූ දවසේදී නුඹ නසින්නෙහියයි කීයේය.


උඩඟු අය මට විරුද්ධව බොරුවක් යෙදුවෝය. මාගේ මුළු සිතින් ඔබගේ නියෝග රක්ෂාකරන්නෙමි.


මිසරයේ රජ්ජුරුවෝ: එම්බා මෝසෙස් සහ ආරොන්, නුඹලා සෙනඟ ඔවුන්ගේ වැඩවලින් කුමට අහක්කරවුද? නුඹලාගේ බර ඉසිලීමට යන්නැයි කීහ.


ඔහුද: මම නුඹලා සහ නුඹලාගේ බාලයන්ද යන්ට හරින්නාක් මෙන් ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ වනසේක්වා; බලාගන්න, මක්නිසාද නුඹලා ඉස්සරහ නපුරක් තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්