Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නාහුම් 3:14 - Sinhala Revised Old Version

14 වටලෑම නිසා වතුර ඇද තබාගන්න, නුඹේ බලකොටු සවිකරන්න. මැටි පිටට පැමිණ, බදාම පාගා, ගඩොල් වැඩ සවිකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 වටලෑමකට පාත්‍රවීමේ සූදානමක් වශයෙන් වතුර ඇද රැස් කර තබන්න. බලකොටු ශක්තිමත් කරගන්න. මැටි පාගන්න. ගඩොල් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 වටලෑමකට පාත්‍රවීමේ සූදානමක් වශයෙන් වතුර ඇද රැස් කර තබන්න. බලකොටු ශක්තිමත් කරගන්න. මැටි පාගන්න. ගඩොල් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 3:14
10 හුවමාරු යොමු  

කැබෙලිකොට කඩන්නා නුඹේ මුහුණට විරුද්ධව නැගී ආයේය. බලකොටුව රැකවල්කර, මාර්ගය මුරකර, ඉඟටි බලවත්කර, නුඹේ ශක්තිය ඉතා බලවත්කරගන්න.


අශ්වයෙනි, නැගීයව්; රථයෙනි, වේගයෙන් දුවන්න; බලවන්ත මනුෂ්‍යයෝ වන පලිහ අල්ලන කූෂ්වරුද පූට්වරුද දුනු අල්ලා තැත් කවන ලුදිවරුද පිටතට යෙත්වා.


මම හාරා වතුර බීවෙමි, මාගේ පය තැබීමෙන් මිසරයේ සියලු ගංගා හින්දවන්නෙමියි කීයෙහිය.


ජනයෙනි, ඝෝෂාකරන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය;


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ අතින් අප ගළවාගන්නසේකැයි කියමින් හෙසකියා නුඹලා පොළඹන්නේ සාපිපාසයෙන් මැරෙන්ට නුඹලා භාරදෙන පිණිස නොවේද?


එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යාකොබ්ගේ තේජසත් නැවත පිහිටුවනසේක. මක්නිසාද හිස්කරන්නෝ ඒවා හිස්කර, ඒවායේ රිකිලි නාස්තිකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්