Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නාහුම් 3:13 - Sinhala Revised Old Version

13 නුඹ තුළ සිටින නුඹේ සෙනඟ ගැහැනුය; නුඹේ දේශයේ දොරවල් නුඹේ සතුරන්ට සම්පූර්ණයෙන් ඇරලා තිබේ. නුඹේ අගුල් ගින්නෙන් දාලාගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 නුඹේ හේවායෝ ගැහැණුන් වැනි ය. සතුරන් ඉදිරියෙහි වාසල් දොරටු සම්පූර්ණයෙන් ම ඇරී ඇත. නුඹේ දොරටුවල අගුල් ගිනිබත් වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 නුඹේ හේවායෝ ගැහැණුන් වැනි ය. සතුරන් ඉදිරියෙහි වාසල් දොරටු සම්පූර්ණයෙන් ම ඇරී ඇත. නුඹේ දොරටුවල අගුල් ගිනිබත් වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 3:13
11 හුවමාරු යොමු  

බබිලෝනියේ බලවන්තයෝ සටනින් වැලකී තමුන්ගේ බලකොටුවල නැවතී සිටිති; ඔවුන්ගේ බලය හීනවී ඔව්හු ස්ත්‍රීන් මෙන් වී සිටිති. ඇගේ වාසස්ථාන ගිනිලා තිබේ; ඇගේ අගුල් කඩාදමනු ලැබීය.


ඒ දවසේ මිසරවරු ස්ත්‍රීන් මෙන් වී, සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව සොලවන උන්වහන්සේගේ, අතේ සෙලවීමට භයපත්වී, වෙවුලන්නෝය.


ගංගාවල දොරටු අරිනු ලැබ, මාළිගාව දියවී තිබේ.


කඩුවක් ඔවුන්ගේ අශ්වයන් පිටටත් ඔවුන්ගේ රථ පිටටත් ඈ තුළ සිටින මිශ්‍රවූ මුළු සේනාව පිටටත් පැමිණ, ඔවුන් ස්ත්‍රීන් මෙන් වෙනවා ඇත. කඩුවක් ඇගේ වස්තු පිටට පැමිණ, ඒවා කොල්ලකනු ලබනවා ඇත.


මක්නිසාද උන්වහන්සේ නුඹේ වාසල් දොරටුවල අගුල් සවිකළසේක; නුඹ තුළ නුඹේ දරුවන්ට ආශීර්වාද කළසේක.


මක්නිසාද උන්වහන්සේ පිත්තල දොරවල් බිඳ, යකඩ පොලු කපාදැමූසේක.


කඩුවක් පේනකියන්නන් පිටට පැමිණ, ඔවුන් මෝඩයන් වෙනවා ඇත. කඩුවක් ඇගේ හේවායින් පිටට පැමිණ ඔවුන් කැලඹෙනවා ඇත.


එහි ගින්න නුඹ දවාදමන්නේය; කඩුවද නුඹව සිඳදමන්නේය, කෙඳි-පළඟැටියන් වාගේ එය නුඹ කාදමන්නේය. කෙඳි-පළඟැටියන් මෙන් වැඩිවෙන්න, පළඟැටියන් මෙන් වැඩිවෙන්න.


ඒසව්ගේ කඳුකරයෙන් හැමදෙනාම මරා සිඳදමනු ලබන පිණිස, එම්බා තේමාන්, නුඹේ බලවන්තයෝ කැලඹෙන්නෝය.


හුශබ් නිර්වස්ත්‍රව ගෙනයනු ලබන්නීය, ඇගේ මෙහෙකාරියෝද තමුන්ගේ ළයට ගසාගනිමින්, පරෙවියන්ගේ හඬින් මෙන් සුසුම්ලති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්